
(අංජුල මහික වීරරත්න)
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගමනක් අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානය දක්වා ගමන් කළේය.
ශ්‍රී ලංකාවේ මැලේරියා තුරන් කිරීමේ තිරසාර 12 වසර සැමරීම සදහා සහ මැලේරියා වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම පාගමන පැවැත්විණි.
මෙම පා ගමනින් අනතුරුව විහාරමහාදේවී උද්‍යානයේ දී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
බකල ජයා Saturday, 26 April 2025 07:25 AM
ලංකාවේ මැලේරියාව මොන භාෂාවද කතාකරන්නේ? මම හැබැයි කෝකටත් "නෝ" කිව්වා...!
ඇනෝෆිලිස් Saturday, 26 April 2025 08:06 AM
හලෝ හලෝ... මුළු කොළඹටම මදුරුවන් බෙදාහැරීමේ මහා මධ්‍යස්ථානය තවම දැකලා නැත්නම්, මරදාන සිට කොටුවට දුම්රියේ යමින් දෙපැත්ත බලන්න. දශක ගණනාවක් පරණ කෝච්චි පෙට්ටිවලින්, අබලන් යකඩ ගොඩවලින් සහ ඒ අවට ඇති ඉතාම අපිරිසිදු අනේක වගුරුබිම් වලින් පිටවෙන මදුරුවන් කන්දරාව ඔබලාට පෙනෙන්න, දකින්න තව දශක කීයක් ඕනේද? (එතැනට නම් පයින් යන්න බැහැ. ඩ්‍රෝන් එකක් යවලාවත් නිරීක්ෂණය කරලා, මදුරු උවදුරෙන් බදු බර කරතියාගෙන දිනපතා පීඩාවට පත් වෙන ජනතාව බේරාගන්න.)
පිටිගල මිලානෝ Saturday, 26 April 2025 10:52 AM
ඩෙංගු රටේ හැමතැනම… මොන පිස්සුවක්ද මේ අය නටන්නේ මැලේරියාවක් අල්ලාගෙන…