IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට යම් රෙගුලාසියක් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා බවට සම්ප්‍රදායක් පැවතුණත් මාලිමා ආණ්ඩුව එය කඩා දමා තිබෙන බව  මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සභාවේ සම්ප්‍රදායන් අප රැකිය යුතුයි. අද රෙගුලාසි ඉදිරිපත් කරන විට ඇමති හෝ නියෝජ්‍ය ඇමති එය ඉදිරිපත් කළ යුතුයි.දැන් මේවා ඉදිරිපත් කළේ පසු පෙළ මන්ත්‍රීවරයෙක්.එතුමා ඒක හොඳට කළා. ඒක වෙනම කාරණයක්. මේ වගේ දේවල් කලාම විපක්ෂයේ අපට ප්‍රශ්නයක්වත් ඉදිරිපත් කරන්න බැරි  වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දූෂණ වංචා ගැන විගණනය කිරීම් සම්බන්ධ නියාමන කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.මේ රජය ජනතාව දුන්න වරම ආරක්ෂා කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (9)

මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා

Kamal Koyrala Thursday, 22 May 2025 03:43 PM

මේ යල් පැන ගිය සම්ප්‍රදායන් වෙනස් කළ යුතුයි. දැන් උගත් පාර්ලිමේන්තුවක් තියෙන්නේ හැමෝටම අදහස් දැක්වීමේ අයිතිය තියෙන්න යුතුයි. ඔවුන්ද මහජන නියෝජිතයෝ.

:       60       27

සමන්-ඕමානයThursday, 22 May 2025 07:34 PM

ඕනෑම දෙයකදී සම්ප්‍රදානයන්ට අනුකුල වීම නීති ගරුක සමාජයක් ඇතිකිරීමේ මුලික සිද්ධාන්තයක්. එය පාර්ලිමන්තුවට විශේෂයි, රටේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය ලෙසට. කොහොම වුනත්, ඉතිහාසයේ ඉඳන්ම නීති සම්ප්‍රදායන් කඩපු, සමාජ විරෝධී ක්‍රියා කල, රටේ සංවර්ධනය අඩාල කල, ඒවා වීරකම්, විනෝද වැඩ ලෙස තවමත් සලකන, මිනීමරු කුණූ ජෙප්පන්ට නම්, පාර්ලිමන්තුවට ගිහිනුත් සම්ප්‍රදායන් කඩකිරීම වීර කමක්, විනෝදයක් බව පෙනෙනවා.

:       2       5

වෑල්ඩින් ආචාර්යThursday, 22 May 2025 11:29 PM

අන්න ඒකයි. පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්යවරුගෙන් පුරවලා තියෙන්නේ. ඇඳගත් ඔබ සැමට ස්තූතියි!

:       1       3

අරවින්ද මොණරවිල Thursday, 22 May 2025 05:02 PM

ඇයි දැන් තමුසෙට මොනවද අඩු උනේ පසු පෙල මන්ත්‍රිවරයෙක් රෙගුලාසි ඉදිරිපත් කලා කියලා, ඔය සම්ප්‍රදාය හදාගෙන තියෙන්නේ දේශපාලනයේ ප්‍රබලයන් කියා ගන්නා එවුන් උවමනා විදියට. පාර්ලිමේන්තුවේ ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු අරගෙන තමන්ගේ ලොකු කම් රටට පෙන්වන්නයි එහෙම කෙරුවේ. ඒ සම්ප්‍රදාය කඩන්න තමයි මාලිමා ආණ්ඩුවක් අපි හැදුවේ. එවා එහෙම වෙනකොට තමුසෙලාට බොහොම රිදෙන බවත් අපි දන්නවා.

:       4       3

ලයන් Thursday, 22 May 2025 05:21 PM

සම්ප්‍රදාය රැකුනොත් ඇති , රට වලපල්ලට ගෙනිහිල්ලා රකින සම්ප්‍රදාය ජනතාවට වැඩක් නැහැ.

:       39       17

රුවන් Thursday, 22 May 2025 07:34 PM

බේරුවල මුස්ලිම් මිනිස්සුත් ඡන්දය දුන්නේ නෑ මෙයාගේ පක්ෂයට, මුස්ලිම් මිනිස්සුට කරපු දෙයක් නෑ ඒ අයවත් කෑවා.

:       1       3

පොඩිඑකා Thursday, 22 May 2025 08:50 PM

මිරිස් වීරයා මිරිස් කුඩු ගහනකොට, අරක්කු ජොනියා පුටුවලින් ගහනකොට මුන්නැහේට කෝමාද?

:       2       1

ලූට මූස් Friday, 23 May 2025 08:03 AM

අම්මපා ඇත්ත නේන්නං, කුණුහබ්බ කියන්නෙ නෑ, මිරිස් කුඩු ගහන්නෙ නෑ, පුටු වලින් ගහගන්නෙ නෑ, සබාව මැද්දෙ නිදාගන්නෙ නෑ, සෙංකෝලෙ උස්සං දුවන්නෙ නෑ…, මෙහෙම කොහොමද පාර්ලිමේන්තුවක් ගෙනියන්නෙ?

:       3       3

Dinesh Wednesday, 28 May 2025 08:54 PM

සම්ප්‍රදායට අනුකූලව අවුරුදු හැත්තෑ ගානක් කරානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site