IMG-LOGO

මර්වින්ට අධි චෝදනා

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ  රුපියල් කෝටි පහළොවකට  අධික දේපළ සහ මුදල් ඉප වූයේ යැයි කියන හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ   මහාධිකරණය හමුවේ අද නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය.

අල්ලස් පනතේ 23 (1) ආ වගන්තිය යටතේ අයථා දේපළ උපයා ගනිමින් වරදවල් සිදුකිරීම යන අධි චෝදනා 03ක් යටතේ මෙම නඩුව පැවරීය.

කොළඹ හත ප්‍රදේශයෙන් කෝටි හතක ඉඩමක් මිලදී ගැනීම,  කඩවත දළු පිටිය ප්‍රදේශයේ එක් කෝටි තුන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදීගැනීම,අධි සුඛෝපභෝගී ජීප් රථ හතරක් මිලදී ගැනීම,කොල්ලූපිටිය පිත්තල හන්දියෙන් ඉඩමක් මිලදී ගැනීම,තම පුතු නාලකට කෝටි ගණනක් වටිනා   අධිසුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීම,සිදු කරමින් රුපියල් 153479571.64 අය ඉතා මුදල් ලිපීම සම්බන්ධයෙන් මෙම නඩු වැවරීය. 



අදහස් (4)

මර්වින්ට අධි චෝදනා

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 27 May 2025 05:08 PM

ගිය දවස්වල රාජපක්ෂ හොරෝ කියමින් එළියට බැස්සේ මේ වංචා අලුත් ආණ්ඩුවෙන් වහගන්නද කොහේද? මේ වගේ දෙපත් නයින්ට දඬුවම් දෙන්නම ඕනේ...

:       0       14

Nandana Wednesday, 28 May 2025 11:44 AM

තනිකර හොරෙක්... අපි බලන් ඉන්නවා ආණ්ඩුවේ වැඩ හරියට වෙයිද කියලා...

:       0       0

Bunny Preena Wednesday, 28 May 2025 01:48 PM

ඔහුගේ පැත්තෙනුත් නිදහසට කරුණු කියන්න එපෑයෑ. ඉතින් නිගමන වලට එළඹෙන්න පෙර පෙමින් එන්නට පෙර ඔහුගේ නීතීඥයින්ගේ මාර්ගයෙන් උසාවියට කරුණු ඉදිරිපත් කරන්න ඔහුට තියන අයිතියට ගරු කරමු.

:       0       0

don Wednesday, 28 May 2025 04:50 PM

මෙයා ඒ කාලේ ආදායම් බදු කීයක් ගෙවලා තියෙනවද කියලා බලන්න. එතකොට ලේසියි. අනික පහුගිය කාලේ වත්කම් ප්‍රකාශ බලන්න. ආදායම් ලබන්න කොහේද? මොනවද කළේ කියලා අහලා බලලා, සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site