
(විමුක්ති එස් රුද්‍රිගු)
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අංකය ලබා ගැනීමට සිටින බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 17 ක් 18 ක් පමණ සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය.
නව බදු සංශෝධන යටතේ සියයට 5 සිට 10 දක්වා වැඩිවූ පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි විශාල පිරිසක් ටින් අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුලස්ථානයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එයට හේතුව වාර්ෂික ආදායම ලක්ෂ 18 ට අඩු පුද්ගලයන්ට සිය ගිණුමෙන් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද අය කරගැනීම වළක්වා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදිය යුතු ස්වයං ප්‍රකාශය සඳහා ටින් අංකය අවශ්‍ය වීම බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.
නමුත් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද අය කර නොගන්නා ලෙසට දන්වමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදෙන ස්වයං ප්‍රකාශය ටින් අංකය නොමැතිව වුවද ලබාදිය හැකි බවත් මේ වනවිට ඒ බව චක්‍ර ලේඛනයක් මගින් මූල්‍ය ආයතන සහ බැංකුවලට දැනුම් දී තිබෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
ටින් අංකය නොමැතිව බාර දෙන ස්වයං ප්‍රකාශ එළැඹෙන මාසයේ මුල් සතියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන ලෙස බැංකු සහ මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබෙන බවත් එලෙස ලැබීමෙන් පසු එම අයැදුම් පත්‍රයේ ඇති තොරතුරු භාවිත කරමින් ටින් අංකයක් සදා අදාළ පුද්ගලයන්ට මෙන්ම බැංකු සහ මුල්‍ය ආයතනවලටද ලබා දෙන බවත් ඒ මහතා පැවැසුවේය.
බදු ගෙවිය යුතු යැයි අනුමාන කළ මිලියන 9 කට පමණ ආසන්න පිරිසකට නොදන්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වනවිටත් ටින් අංකය සදා අවසන් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් තමාට ටින් අංකයක් තිබේද? නැද්ද? යනවග දැනගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ස්වයං ප්‍රකාශය බැංකුවලින් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය. එසේම ටින් අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්, මුලස්ථාන හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ හෝ තැපැල් මාර්ගයෙන් තොරතුරු ඒවා සාදා ගත හැකි බවද ඔහු පැවැසුවේය.
සංශෝධිත පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද ජනතාවට ලබාදුන් සහනයක් බවත් ස්වයං ප්‍රකාශ ලබා දෙන අයගෙන් එම බද්ද අයකර නොගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. සංශෝධනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 60 ක පමණ ආදායමක් අහිමිවන බවට ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය. බද්ද ක්‍රියාත්මක කිරීමේ අරමුණ බදු අනුකූලතාව ඉහළ දමා බදු ගෙවිය යුතු නමුත් නොගෙවා සිටින පිරිස බදු දැලට හසුකර ගැනීම බවද ශාන්ත මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් සාවද්‍ය ප්‍රකාශ ලබා දෙනන්ට දේශීය ආදායම් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් මෙම වසරේ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2195 ක් බවත් ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
Kamal Koyrala Wednesday, 23 April 2025 06:00 PM
පාතාලයින් වෙඩි තබන හා මැරීමට ක්‍රමන්ත්‍රණය කළා කියන කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ටින් අංක ගැනත් සොයා බලන්න ඕනේ.
chandima Wednesday, 23 April 2025 06:06 PM
අවුරුදු 18ට වැඩි ජනගහනේ මිලියන 17ක් විතර කියන්නේ මොකක්ද? රටේ ඉන්න ජනගහනේ දත්තවත් නැතිවද ආණ්ඩු කරන්නේ?
PGPTHILAK Wednesday, 23 April 2025 07:59 PM
අහිංසක මිනිස්සුන්ගේ සොච්චම් පොලියත් මේ විදිහට පික්පොකට් ගහන්න උප්පරවැට්ටි අටවන උන්ගෙන් මහජනතාව බේරාගැනීමට වහාම ඉදිරිපත් විම ආණ්ඩුවේ වගකීමක්...!