
(රෝෂන් තුෂාර)
මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත.
වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත.
පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත.
තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අති චෝදනා ගොනුකරමින් නඩුවක් පවරා තිබූූ අතර එම නඩුව ප්‍රකාරව ගමගේ මහතා නිදහස් වීමෙන් අනතුරුව යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුව දිසා විනිසුරු වැඩ තහනම්
maalaka Monday, 04 August 2025 07:19 AM
මේ අවධියේ මහජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළේ නැත්නම් දූෂිතයෝ නැවත හිස ඔසවාවි. යහපත් සමාජයකට චන්දය දුන්නත්, නීතිය තමුන්ට ක්‍රියාත්මක වෙනකොට අවලද නගන්න පුළුවන්. මෙයා වරදක් කර ඇත්නම් නීතියට මුහුණ දිය යුතුයි.
Perera Monday, 04 August 2025 08:02 AM
අලි නඩුවෙන් ගැලවුණේ වංගුවක් ගහලද?
අරවින්ද මොණරවිල Monday, 04 August 2025 08:49 AM
යුක්තිය පසඳලින තැන හරියට පිරිසිදු කරලා ගන්න ඕනා, සාධාරණ චෝදනා ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් සිටි නම් දඩුවම් කර ජනතාවගේ විශ්වාසය හා ගෞරවය රැකෙන ලෙස අධිකරණය පද්ධති ප්‍රතිසංස්කරණ කල යුතුය.
ravin Monday, 04 August 2025 10:02 AM
අලි වැඩක් නේද වෙලා තියෙන්නේ