
(නිමල් ජයරත්න)
මධ්‍යම කඳුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් එහි වාන් දොරටුවක් විවෘත කළ බව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වී.එස්. බණ්ඩාර මහතා පැවසීය.
මිලිමීටර තුන්සියයක් පමණ විවෘත කළ එම වාන් දොරටුවෙන් තත්පරයට ඝන අඩි 1500 ක ජලධාරිතාවයක් අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙන බවද බණ්ඩාර මහතා කීවේය.
ඇලහැර, කුමාරඇල්ල, යන ගම්මානවල අඹන්ගඟ දෙපස සිටින ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද ඉංජිනේරුවරයා ඉල්ලීම් කරයි.
තවද අඹන් ගඟට ඉහළ ජලධාරා ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් වාන් දොරටු ඉදිරි පැය කිහිපය තුළත් විවෘත කර තැබීමට සිදුවන බවත් මේ හේතුවෙන් මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යට වීමට ඉඩ ඇති බවත් ඉංජිනේරුවරයා සඳහන් කලේය.
මොරගහකන්ද ජලාශයේ අක්කර එක් ලක්ෂ හැටදාහක පමණ ජලධාරීතාවයක් පවතින අතර, දළ වශයෙන් වර්ග කිලෝමීටර් තිහකට ආසන්න භූමියක පැතිර පවතී.
මෙහි ජලය අක්කර අඩි ලක්‍ෂ හතර හමාරක ( 452000) ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගැනීමට හැකියාව පවතින බව ජලාශ කාර්‍ය් භාර ඉංජිනේරු පී.එස්.බංඩාර මහතා ජලාශය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගහකන්ද වාන් දමයි