(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමඟ දිගින් දිගටම සාකච්ඡා කලත් නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් ඔහු පැවසීය.
ඒ අනුව පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට සමගි ජන බලවේගය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බවත් ඔහු පැවසීය.
තමන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
431
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රී හරීන් ස්වාධීන වෙයි
මුතු Thursday, 12 May 2022 07:45 PM
හරින් මම දන්න තරමින් හොරෙකු නොවේ. හරින්ට යමක් කරන්න පුළුවන් කෙනෙක්...!