
(සිතුම් චතුරංග සහ රොමේ මධුසංඛ)
යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලිසියට අද පැමිණිල්ලක් කළ බව යාපනය පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් හැසිරුණු බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ටි. සත්‍යමූර්ථි මහතා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොලිසිය පැවසූවේ යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවයි.
පොලිසිය පැවසූයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණ නොවූ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරි ඇත්නම්, අධිකරණයෙන් ඔහුට තදින් අවවාද කිරීමක් සිදුකර, සිදුවූ සිදුවීම ඒ පිළිබඳ සමාව ගැනීම සුදුසු වේ...
මේ හාදයා නම් පිස්සෙක්ද? නැත්නම් වෙන කොත්තරාත්තුවකට ආපු හාදයෙක්ද දන්නේ නෑ. ටයි නැට්ටකුත් එල්ලන් කරන්නේම වැරැදි...!
අමු ගවයෙක් ...!
මෙයා ලොහාන් රත්වත්තගේ අනුගාමිකයෙක් වගේ නේද? පිස්සුව තද වෙලා. නට් බුරුල්කර කනටයි, පස්සටයි දෙපාරක් ගහලා එලවලා දාන්න..
මෙයා ස්වාධීනව ආවට යටින් ඉන්නේ යම් පක්ෂයක.. තේරෙන්නේ නැද්ද ඔච්චර...?
මොහු මානසික ලෙඩෙක්... මනෝ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ප්‍රතිකාරවලට යොමුකළ යුතුයි.
මාතර එලාර අනුර කුමාරයගේ බලය තමා මේ ඊලාම් වාදියා පෙන්නන්නේ… ඊලාම්වාදීන් අනුර කුමාරත් එක්ක දාපු ඩීල් එළි කරන්න ඕනෑ… අපි දන්නවා දැන් මුලු උතුරු නැගෙනහිරම ජෙප්පන්ට ඡන්දේ දුන්නේ ඇයි කියලා...!
රෝහලේ පොදු නොවන පරිශ්‍ර වලට සාධාරණ හේතුවක් නැතුව අනවසරයෙන් ඇතුළුවෙලා එම කටයුතු වලට බාධා කළා නම්, ඔහු දොස්තරද? පාර්ලිමේන්තු මන්ත්‍රීද කියන කතාව අදාල නැහැ... ඔහුව අධිකරණයට ඉදිරිපත් කළයුතුයි..
මෙයාට මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. යන යන තැන මොකක් හරි වලියක් දාගන්නවනේ..!
මේ යෝධයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම දොස්තර කෙනෙක් කියනවා රෝහලට ගිහිල්ලා මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා ඇති මංත්‍රීටත් පිස්සු... මිනිහා මන්ත්‍රී කරපු එවුන්ටත් පිස්සු.
මේ මානසික රෝගී අවධාන හිඟන්නාට තව තව අවධානය දෙන එක නවතමු...!
මු අනිවා ගිය ආණ්ඩුවක කොන්ත්‍රාත්කාරයෙක් එකයි ස්වාධීන ඇවිල්ලා දඟලන්නේ. අනිවා කොහේ අතක් තියෙනවා මුගේ.
ගවයන්ට අපහාස කරන්න එපා. සතුන් ඔවුන්ගේ සීමාවල ඉන්නේ. කකුල් දෙකේ සත්තු තමයි ඔය විදිහට හැසිරෙන්නේ. තෙරුවන් සරණයි.