
(රෝෂන් තුෂාර)
දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව, හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට (21) හෙට දිනයේදී ප්‍රකාශයක් ලබා දිය හැකි බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද (20) පැවසීය.
දෙරට ඇති අතර ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව සේවකයින් විදේශගත කිරීමේදී විදෙස් සේවා නියුක්ති කාර්යංශ පනත හෝ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව අපරාධයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව රහස් පොලිසිය හා තැනැත්තන් වෙළඳාම් කිරීමේ හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් සිදු කරන විමර්ශනයන්හි සැකකාරයකු ලෙස නානායක්කාර මහතා මෙතෙක් නම් කොට නොමැති බවට වග උත්තරකාර රහස් පොලිසිය මගින් අධිකරණයට කළ කරුණු සලකා බැලීමෙන්පසුව නීතිඥවරයා එසේ සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd