IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මනූෂට ඇප

(රෝෂන් තුෂාර)

ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින්  අත් අඩංගුවට ඉගෙන අධිකරණයට ඉදිරිපත් කළ  හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ  මිලියන හතර බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.

විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සිදු නොකරන ලෙසට ද දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන විශාල ප්‍රමාණයක් අවසන් කර තිබීම සහ සැකකරුට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බවට පෙනී නොයන හෙයින් ඇප නියම කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අදාළ සිද්ධිය සඳහා ප්‍රකාශ ලබාදීමට ඊයේ උදෑසන අල්ලස් කොමිසමට පැමිණි නානායක්කාර මහතා පස්වරු 2.30 පමණ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
 

 



අදහස් (2)

මනූෂට ඇප

ගමේ එකාලා Wednesday, 15 October 2025 07:10 PM

මනුෂයා කියන්නේ හොද මිනිහෙක් නොවෙයි. එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් අරගෙන කරපු දේවල් දන්නා අය දන්නවා...

:       1       0

Nishan Thursday, 16 October 2025 05:20 AM

නඩු අහලා ඉවර කරන්න තව අවුරුදු 10ක් වත් යයි. ඒ දහය ඇතුලත මේ ආන්ඩුවේ අයත් ඇතුළුව තවත් අය එකතු උනාම තවත් කල් යයි. මේ නඩු දැමීමේ සහ කීමේ ක්‍රියාවලිය ලාභාදායි වෙන්නේ ඔය හොරකම් කලා කියන මුදල් නැවත අය කර ගත්තොත් තමයි. නැත්නම් නඩු කීමේ සහ හිරගෙවල් නඩත්තු කිරීමේ වියදමත් පැටවෙන්නේ බදු ගෙවන මහජනතාවගේ කර පිටම තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site