
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකාව චෝදනා නගයි.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2024 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට, පුද්ගලයන් අමු අමුවේ වෙඩි තබා ඝාතනය, රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන අඩම්තේට්ටම්, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය දැඩි කනස්සල්ලෙන් පසුවන බව පැවැසෙයි.
ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වාර්තා කරන ලද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ මරණ හතක් පිළිබඳව එම වාර්තාවේ දැක්වෙයි.
2022 ‘අරගලයෙන්’ පසු පැවැති මැතිවරණවලින් විශිෂ්ඨ ලෙස බලයට පත් වත්මන් රජය, සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ ‘අවම ක්‍රියාමාර්ග’ පමණක් යැයි ද වාර්තාවේ සඳහන් වෙයි.
පාපොච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පැමිණවීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් ආදිය සම්බන්ධයෙන් පමණක් නොව, කම්කරු අයිතිවාසිකම් සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකිරීම පිළිබඳ චෝදනා, යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පවතින මන්දගාමී ප්‍රගතිය, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් වෙයි.
අන්තර්ජාල ආරක්ෂණ පනත ද විරෝධතා මර්දනය කිරීමට යොදාගැනීමට ඉඩ ඇති බවට ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර ඇත.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව, තවත් රටවල් කීපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අඩංගු වෙයි.
(ඩේලිමිරර් ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා
පන්සිළු Wednesday, 13 August 2025 02:46 PM
මේකට හිනාවෙන්නෙ කොහෙන්ද අපි ?
සිංචපWednesday, 13 August 2025 03:26 PM
ඔයා වැඩියෙන් හිනාවෙන පැත්තෙන් හොඳයි...
Nimal 1 Wednesday, 13 August 2025 03:00 PM
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ඇත්තෙන්ම කණගාටුදායකයි.