IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි

(සුජිත් හේවාජුලිගේ)

අයිස් අමුද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත

මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර පෙරේදා (06) දහවල් අත්අඩංගුවට ගෙන තිබිණ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම සහෝදරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) අත්තනෝමතික ලෙස කටයුතු කළ බවයි.

එය දේශපාලන පළිගැනීමක් බවද  ඇය කීවාය

එමෙන්ම තම සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී එම නිලධාරීන් තම පවුලේ සාමාජිකයින්ට, අසභ්‍ය වචනවලින් බැන වදිමින් දැඩි අපහසුතාවයට පත් කළ බවද  ඇය චෝදනා කළාය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් තම දරුවන්ගේ මානසිකත්වයට බරපතළ හානි සිදුවී ඇති බවත්  මානසිකව වැටී සිටින තම දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත්  සඳහන් කළාය.



අදහස් (14)

මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි

Pradeep Kumara Monday, 08 September 2025 04:06 PM

නිළධාරීන් බැන වැදීම තුළින් මානව හිමිකම් කඩ වුණා නම්, ඔය කියන අති භයංකර අයිස් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී තම ජීවිතය මෙන්ම තම පවුල් වල අයගේද ජීවිත විනාශ කර ගත් අයට මොකද වෙන්නේ. අනේ අම්මපා මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි. සහෝදරයා උපාසකයෙක් කියලා හිතාගෙන ඉන්න ඇත්තේ....

:       15       130

ravin Monday, 08 September 2025 04:50 PM

රටේ අනාගතය බාර ගැනීමට ඉන්න තරුණයින්ට මත්ද්‍රව්‍ය බෙදීම විතර මානව හිමිකමක් කොහේද නේද?

:       4       83

vernonTuesday, 09 September 2025 08:52 AM

අර විදෙස් කතාමාලාවකත් මත් ද්‍රව්‍ය නිපදවන්න පාසලක විද්‍යාගාරයෙන් රසායනික ද්‍රව්‍ය, බෝතල් සොරාගන්නවා පෙන්නනවා. එහෙම වුණා කියලා ඒ පාසල මත්ද්‍රව්‍ය හදනවා කියන්න බෑනේ. මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ වරදට දඬුවම් දෙන එක රටේ අධිකරණය කරන දෙයක්. ඊට කලින් ඔයා මෙතැන තීන්දු දෙන්න හදන්නේ ඇයි?

:       0       0

මැක්ස් Monday, 08 September 2025 04:54 PM

මෙම සිදුවීම, වරායෙන් පන්නපු කන්ටේනර් හරහා රට තුළට මත්ද්රව්‍ය ඇතුළු වී ඇති වගට ඇති චෝදනාවෙන් ගැලවීම සඳහාත්, තම ජාතික ලැයිස්තුවේ තබා ගෙන සිටි ඊබ්‍රාහිම්ගේ පුතුන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු වීම අමතක කරලීම සඳහාත් කරන ලද විජ්ජාවක් වන්නට ද පුලුවනි...

:       87       27

පොඩිඑකාMonday, 08 September 2025 11:46 PM

මැක්ස් වගේ පිටිපස්සෙන්... හිතන අයට එහෙම හිතෙන්න පුළුවන්.

:       0       1

Deepthi Monday, 08 September 2025 05:06 PM

නිලධාරීන් අයුතු ලෙස හැසිරුනා නම් ඒ ගැන පැමිණිලි කිරීම විය යුත්තක්. නමුත් තමන්ගේ ළමයින්ට සදාකල් සමාජයට මුහුණ දෙන්න අපහසු කරන්නේ දෙමාපිය සහ නෑදෑ අයගේ කල්කිරියාව මිසක් නිලධාරීන්ගේ ක්‍රියාවන් නොවෙයි.

:       4       80

පොඩිඑකා Monday, 08 September 2025 05:09 PM

පව්, මේවා මේ මනුස්සයා කරන දෙයක් නොවෙයි. පොහොට්ටු කුඩ්ඩෝ මේ මනුස්සයාව පාවිච්චි කරනවා.

:       9       72

"නෑමොල ජවනිකා අධ්‍යක්ෂක" බකල ජයාMonday, 08 September 2025 06:28 PM

මෙයාගේ ඉඩමේ තමයි වලදාලා තියෙන්නේ. ඒකටත් පැමිණිලි කරන්න. එහෙම පුලුවන්ද අනුන්ට එක එක ඒවා වෙන මිනිස්සුන්ගේ ඉඩම්වල වලදාන්න... :)

:       0       1

ගමේ එකාලා Monday, 08 September 2025 06:04 PM

ඔය මත් ද්‍රව්‍ය පාව්චිචි කරලා විනාස වෙන තරුණ ජීවිත වලට වෙන හානිය ගැන කවුද වග කියන්නේ...?

:       0       0

chathuri Tuesday, 09 September 2025 02:45 AM

අක්කේ දරුවන්ට පාසැල් යන්න බැහැයි කියන්නේ. කුඩු සම්බන්ධ නිසා. නැතිව වෙන ලෙඩක් නැහැ. තමුන්ට ලැජ්ජාවක් නැති වුණාට දරුවන්ට ලැජ්ජයි. මේ වගේ ගොන් අම්මන්ඩිලා නිසා තමයි දරුවෝ නොමග යන්නේ. මේ අම්මන්ඩි හිතන්නේ තමන්ගේ පවුල ගැන විතරයි. පොහොට්ටුවේ ඉන්න ඔවුන්ගේ සිරිතක් නස්කි මයිනත් ඒ වගේනේ. අනිත් අම්මලා දරුවෝ කුඩු ගහන නිසා කොයි තරම් දුක් විදිනවාද? ...

:       0       1

Nishan Tuesday, 09 September 2025 03:53 AM

කන්ටේනර් හොරෙන් පිටකරපු අයට එරෙහිව අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ. ඒ හොරකමේ අතුරු ප්‍රථිපල නිසා පීඩා විඳින ජනතාවට කුණුහරපෙන් බනිනවා. මේවා මානව හිමිකම් කොමිසමට විතරක් නොවෙයි ජිනීවාත් ගෙනියන්න ඕන සිද්ධිය...

:       1       0

Edirisingha Tuesday, 09 September 2025 05:24 AM

කුඩු කිලෝ 50000 ක් වල දානවා කියන්නේ පහසු දෙයක් නොවෙයි, ගෙන ඒමත් අමාරුයි... ඉතින් ඕක කලේ කවුරුද කියලා ප්‍රදේශය පාලු පැත්තක් නොවේ නම් අසල්වාසීන් විමසා සොයාගන්න පුළුවන්...

:       0       0

chinthana Tuesday, 09 September 2025 09:26 AM

අසභ්‍ය වචනයෙන් බැනපු එක පොලීසියෙකුට නඩුවක් දාන්න ඕන . එතකොට මිනිහා පුද්ගලික මුදල් වියදම් කර තනියම නඩුවට මුහුණ දිය යුතුයි. සමහරවිට වැඩ තහනම් කරයි. කුඩ්ඩන්ට උනත් නිලබලය අවභාවිත කිරීමට පොලීසියට බලය නැහැ. අවම බලය යෙදිය යුතුයි. අත්අඩංගුවට ගන්නේ සැකකරු නම් ඔහුගේ පවුලේ අයට එරෙහිව ක්‍රියා කරන්න බැහැ. ඔවුන් පොලීසී රාජකාරියට බදා කලා නම් හැර.

:       1       1

කුඩු දුන් පියා හා අයිස් දුන් පුතා සමග බකල ජයා Tuesday, 09 September 2025 10:04 AM

බයියො හරි පුදුමාකාරයි. මුලු රටම හේතුව දන්නවා, මේ අක්කද නංගිද හේතුව දන්නෑ. අයිස්-චර්යක් නේද කොටන්නෙනී!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30700 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12697 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10920 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 809 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site