( රොමේෂ් මධුසංක සහ සිතුම් චතුරංග )
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, තුවාලකරුවන්ට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව විශ්වාස කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි
මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණයට රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි ප්‍රහාර ඒල්ලවී ඇතැයි කියයි.
කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද ආරක්ෂක අංශ කියයි .
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට
pj Thursday, 16 January 2025 11:10 AM
අගමැතිලට රටේ මේ වාතාවරණය කජ්ජක් නිසාද මන්දිරය අවට ආරක්ෂක කුටි විනාශ කර දැමුවෙ....
Damith Thursday, 16 January 2025 11:48 AM
පොලිසිය බුදි ද ?
Perera Thursday, 16 January 2025 12:33 PM
මිනී මරුවන්ට නියමිත දඬුවම ලැබිලා තියනවා
fairoos Thursday, 16 January 2025 02:27 PM
අලුත් ආණ්ඩුවට තියන තවත් හිසරදයක්...
kamal Koyrala Thursday, 16 January 2025 02:45 PM
මහජන ආරක්ෂාව පට්ටයිනේ... දැන් තාම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නද? පස්සේ කියන්න එපා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ කියලා...