
(සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ස්ථිරයෙන්ම අහෝසි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
තම තමන් වෙනුවෙන් පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසිය ජාතික ජන බලවේගය ඡන්ද කාලයේදී ජනතාවට දුන් පොරොන්දුවක් බවද සඳහන් කළේය.
ඔහු මෙසේද ප්‍රකාශ කළේය
" දැන් ජනතාවට නැති කාලයක්.ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බවෙයි. දේශපාලනය තමන්ගේ ජීවත් වෙන මාර්ගය කරගන්නවා නම් ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරයක් තමයි අපි. ඒ නිසා කාට හරි මරාගෙන මැරෙන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැත්නම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගන්න පුළුවන්."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වැසුම දෙන්න ! පිස්සුද සහොදරයා ? රට කාලා විනාශ කෙරුව අයට අස්වැසුම දෙන්න තියා හිතන්නෙවත් එපා... ඕකුන්ට දෙන්න ඕනෑ මඩු වළිගයෙන් !
පරෙස්සමෙන්. පරණ යාළුවෝ ඉන්නවා මරාගෙන මැරෙන්න බලාගෙන...
හොර උපාධි පාපිසිවල පඩි පක්‍ෂ අරමුදලට හූරලා ගන්න නිසා දවසක පැරදුනාම ඔය යක්කු නන්නත්තාර වෙනවා. එතකොට ඩෝබි සේවයටවත් ගන්න ඕනෑ.
ජනතාවට පොරොන්දු වෙච්ච දේමනෙ කරන්නෙ. ඕවා හොඳයි ඇමතිතුමෝ අරවින්ද මොණරවිල වගේ වොෂින්ටන් පප්පලාට කියන්න. සාමාන්‍ය ජනතාවට දැන් තමුංලා තිත්ත වෙලා ඉවරයි. ජෙපිකාරයො කියන්නෙ බොරුකාරයො රෑනක් කියන එක දැන් මිනිස්සු දන්නවා.
මන්ත්‍රී විශ්‍රාමයෙන් යැපෙන අය මෙතැනත් ඉන්නවද? නැත්නම් සල්ලි වලට කොටන ආයද?