IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාධ්‍ය ප්‍රචාර නිසා පීඩාවන අයගේ අයිතීන් රකින්න නව නීති

(අංජුල මහික වීරරත්න)

මාධ්‍ය  ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට නව නීති සම්පාදනය කිරීමට ද  සිදු වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විවිධ මාධ්‍ය  ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම රජයේ වගකීමක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන්  ඔවුන් ආරක්ෂා කර දිය යුතුව තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙම උත්සවය අද (2) පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද 10 වන පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ මෙවර ඩිප්ලෝමාධාරී සහතිකපත් ලාභී කණ්ඩායමට ඇතුළත් වු ප්‍රථම ඩිප්ලෝමාධාරීන් 315ට පමණ ඩිප්ලෝමා පාඨමාලාව ලබා දීමට එම මණ්ඩලය කටයුතු කර ඇත. මෙම පාඨමාලාව වර්ෂයක අධ්‍යයන කාලයකින් යු‍ක්ත වේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙම ඩිප්ලෝමාධාරීන් වෘත්තීය වශයෙන් පිවිසෙන්නේ රට ඉතාම වැදගත් පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පරිවර්තනය රජයක, ආයතනයක, සංවිධානයක කාර්යභාරයක් නොවන බව පැවසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්ම මහත්මීහු ද  මීට සහභාගී වූහ.



අදහස් (1)

මාධ්‍ය ප්‍රචාර නිසා පීඩාවන අයගේ අයිතීන් රකින්න නව නීති

Banda Saturday, 02 August 2025 07:56 PM

ආ එතකොට ඔයාලා මීට පස්සේ රත්තරන් අස්සයෝ ගැන පච ප්‍රචාර කරන්නේ නැතෙයි?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31449 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13730 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11043 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 144 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1057 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 293 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site