IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

 

(අංජුල මහික වීරරත්න)

මෙරට රජයේ රෝහල් පද්ධතියේ  කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත් ව ක්‍රියාත්මකවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව කීවේ  ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අතර පැවති විශේෂ හමුවක් අතරතුර දී ය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රතත්වය තව තවත් වර්ධනය කරගැනීම සහ  මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබදව එමෙන් ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භයේ දී ම අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයක දී ම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසී ය.



අදහස් (3)

මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

බකල ජයා Wednesday, 30 April 2025 02:53 PM

නිදහසේ තමන්ගෙ රස්සාව කරන හැටි හොඳටම ඉගෙනගනී:))

:       2       14

ගුණරත්න Wednesday, 30 April 2025 06:20 PM

ටික ටික ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න, චීනෙන් මාධ්‍ය පුහුණුවක් ගන්නවා කියන්නේ තනිපක්ෂ පාලනයක් තියෙන ඒකාධිපති රටක මාධ්‍ය භාවිතය කොහොමද කියලා ඉගෙන ගන්න එකට තමයි. ලංකාවේ ආණ්ඩුවත් ආසා එහෙම ඒකාධිපති ආණ්ඩුවක් හදන්න වගෙයි.

:       3       3

ලුම්බිණි Thursday, 01 May 2025 06:08 AM

මාධ්‍ය නිදහසක් නැති රටක මාධ්‍යවේදීන් පුහුණු කරන්නේ මොන අරමුණකින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site