IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘‘මධ්‍යම පළාතේ ආයතන දැන් සම්පූර්ණයි‘‘

(එච්.එම්.හේරත්)

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක ප්‍රධානින් පත්කිරීම  සාර්ථකව අවසන් කළ බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පැවසුවාය.

කුණ්ඩසාලේ පල්ලෙකැලේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය එසේ පැවසුවාය.

පළාත් පාලන මැතිවරණතයන් සියයට 50 ක් හෝ ඊට වැඩි බහුතර ආසන ප්‍රමාණයක් එක් දේශපලාන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හිමිකරගැනීමට නොහැකි වූ අවස්ථාවේදී සිය මැදිහේවීමෙන් එවැනි පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානින් පත්කරන බව ද කොමසාරිස්වරිය පැවසුවාය.

“මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක මෙලෙස බලය පිහිටුවීම සිදුකළා. කිසිම භේදයක් නැතිව පළාතේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් තම බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමයි වැදගත්.

ඉදිරියට අප සියලුදෙනාට කිරීමට බොහෝ කාර්යයන් තිබෙනවා. ප්‍රාදේශීය පාලනය ශක්තිමේ කරමින් මහජනතාවට උපරිම සේවාවක් සැලසීම සියලු මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් හා වගකීමක් බව මම විශ්වාස කරනවා.

ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයමින් මැදරට ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් අතරින් විශිෂ්ටතම පළාත බවට පත්කරමු.

රජයේ සංවර්ධන ක්‍රියාවලිය ග්‍රාමීය ජනයාට සමීප කරන ආයතන ලෙස පළාත් පාලන ආයතන සියල්ල එකාවන්ව එකම අරමුණක පිහිටා කටයුතු කරමු” යැයි කොමසාරිස්වරිය වැඩි දුරටත් පැවසුවාය.

 



අදහස් (1)

‘‘මධ්‍යම පළාතේ ආයතන දැන් සම්පූර්ණයි‘‘

Bunny Preena Wednesday, 02 July 2025 08:54 AM

කුලල් කා ගත්තොත් ඉතින් පාඩුව ජනතාවටම තමයි."

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site