
(ටී.කේ.ජී.කපිල )
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , " කුෂ්" සහ " හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී , කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද(23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
ඇමෙරිකාව , එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව , කදාන , කතරගම , ගනේමුල්ල , මාළඹේ , කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14 ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීම් සිදු කර , ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙම මත්ද්‍රව්‍ය තොගය අතර " කුෂ්" කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 677 ක් සහ " හෂීෂ් " කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 852 ක් තිබූණි. මීට අමතරව මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි .
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්