(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර කොළඹ රත්නපුර පැල්මඩුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1025කට වැඩි මුදලක්ද නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක්ද 2023 වසර වන විට දේශීය අරමුදල් මඟින් වියදම් කර තිබූ නමුත් ඒවායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් තොරව පැවතුණ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මහනුවර බහු විධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ගෙදර කිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් අටසිය විසි පස් දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසය
ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 202 2014 වසර සඳහා පිළිවෙළින් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය 2021 මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද සිවිල් හා උපදේශන වැඩ සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉසිවිල් වැඩ ආරම්භ කර නොතිබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එක කොටසේ නිමකළ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් කෝටි 4034 කට වැඩි මුදලක් ගෙවීම් කර නොතිබූ බවත් ඒ අනුව කොන්ත්‍රාත් ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි ගිවිසුමෙහි සාමාන්‍ය කොන්දේසි අනුව ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවදානමක් පවතින බවත් විගණන වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.
හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල
අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ
pj Tuesday, 14 January 2025 05:21 AM
දැන් රට බංකොලොත් බවින් මිදිලා නම් ක්ලීන් කිරීම අංක 10 ට දමා ඔය කියන ඉදිකිරීම් වහාම අරඹන්න බැරිද?
Perera Tuesday, 14 January 2025 09:04 AM
මේ ජාතික අපරාධ වගට වගකිව යුත්තේ කවුද කියලා හඳුනාගෙන ඔවුන්ට දඩුම් කර ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් අය කරගත යුතුයි