(අංජුල මහික වීරරත්න)
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී අනිද්දා(28) මෙම දෙසුම පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති.
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෝදි එක්ක දෙසුමකට රනිල් හෙට ඉන්දියාවට
ranil Wednesday, 26 February 2025 09:54 PM
ඉතින් අපිට **ද?
ABWednesday, 26 February 2025 11:37 PM
ගෝලීය වෙනස්වීම් සම්බන්ධ විවිධ සිදුවීම් සිදුවේ, ස්වභාවික විපත් සුනාමි තත්වයන් සහ ගැටීම මේ වනවිට වැඩි වෙමින් පවතී. යුධ තත්වයන් සහ ලෝක දේශපාලනය වෙනස් කළ හැකි රටවල ඇතිවන සහ මතුවන දේශපාලන වෙනස්වීම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීම ප්‍රධාන වේ. රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්දය මේ වනවිට මහා බලවතුන්ගේ බල අරගලයේ යම් බෙදීමක් ඇතිවී තිබේ. කැනඩාව ඇමෙරිකාව යුරෝපිය රටවල් ඇතුළු ලෝකයේ බලවත් දැන්වත් රටවල් රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්දේ දී යුක්‍රේනයට සහයෝගය දෙමින් සිටි. අවි සහ මුදල් ප්‍රධාන වේ. එම රටවල් රුසියාවට සම්බාදක දැමිණි. එහෙත් රුසියාවේ පවතින තෙල් ඇතුළු වෙනත් භූ සම්පත් නිසා ඔවුන් යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යාම සිදුකරයි. පසුගිය ඇමෙරිකානු මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවීමෙන් පසු ඇමෙරිකාව ආර්ථික සහ වෙළඳ ගනුදෙනු කරනා වූ සියලු රටවලට තීරු බදු වැඩි කිරීමක් සිදු කළේය. එමෙන්ම ඔහු යුද්ධය නැවැත්විය යුතු බවද ඇමෙරිකාව මෙතෙක් යුක්‍රේනයට සැපයු මුදල් සහ අවි ආයුධ වෙනුවෙන් යුක්‍රේනයෙන් 50% ස්වභාවික සම්පත් හා ගිවිසුම්ගත විය යුතු බව සඳහන් කරයි.
ABWednesday, 26 February 2025 11:40 PM
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවීමෙන් පසු ඇමෙරිකාව තුල සිදුවෙමින් පවතින සහ මේ වනවිට සිදුවන ආර්ථික වෙළද ප්‍රතිපත්තීන් වෙනස්කම් ලෝකයට බලපෑම් ඇතිකරනු ඇත. පසුගියදා ඉන්දියානු අගමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීමෙන් පසු ඉන්දු ඇමරිකා සම්බන්ද තත්වයන් පිලිබඳව ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිටපු කැනඩියානු අගමැතිවරයා මෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිවරයද මුණගැසීමට නියමිත බව කියවේ. ලෝකයේ සියලු රටවල් මේ වනවිට අන්තර්ජාල මාර්ගයෙන් පවතී. එසේ උවත් දේශපාලනික සහ මානුෂීය වසයෙන් විවිධ මතවල සිටි. එක්සත් ජාතීන්ගේ ආයතනය බොහෝ අවස්ථාවල ඔවුන්ගේ මැදිහත්වීම සිදුවන්නේ නැත. එමනිසා එම හිඩැස පිරවීමට ඇමෙරිකාවේ ඍජු මැදිහත්වීම සිදුවේ. එක්සත් ජාතින්ගේ සංවිධානය ලෝකයේ ජන අනුපාතය අනුව යම් පරිපාලන සමතුලිත වෙනසක් සිදුවිය යුතුවේ. එවැනි අවස්ථාවක වැඩි ජන අනුපාතයක් සහිත කලාපයන් යනු ආර්ථික වශයෙන් අඩු අදායම් සහිත කලාපයන් වේ.
ගුණරත්න Wednesday, 26 February 2025 10:10 PM
ඩබල් පොකට් මහත්තයා එක්ක ගියේ නැතෙයි? එතුමා ගියා නම් මෝඩි මෝඩ වෙලා යන්නේ, එතරම් ප්‍රඥාවක් තියෙනවා.
karolis Wednesday, 26 February 2025 10:40 PM
චේතිය තුමාට එන්න කිව්වේ නැතෙයි? තව මහාද්වීපයක් හොයාගෙන ආලෝක වර්ෂ වේගයෙන් යන හැටිත් පෙන්නයි.
ලූට මූස් Wednesday, 26 February 2025 10:55 PM
ඒ සමුළුවේ දී ලෝකෙ වැඩිම මැතිවරණ ගණනක් පැරදිච්ච එකා ප්‍රදර්ශණය කරනවා කියලා ඉන්දියාව පුරාම පෝස්ටර් ගහලලු.!
Nuwan Wednesday, 26 February 2025 11:10 PM
අප්පුවා යැවූවා නම් ඔලුව හොලවන්න පටන් ගන්නවා.
Perera Wednesday, 26 February 2025 11:13 PM
මූට ඉතිං රට රටවල් ගානේ යන පිස්සුවක් කොහොමත් තියෙනවා නේ.
Chandima Thursday, 27 February 2025 05:03 AM
සුවිශේෂී සිද්ධි ගැන කියනවා නම් ලයිට් කණුවක් යට මදුරුවෝ තල තලා ඉද්දී ගෙනත් ජනාධිපති පුටුවේ ඉන්දපු එකම ඇති කියන්න. ලෝක නායකයෝ තූශ්නීම්භුත වෙලා අහගෙන ඉඳියි. ඔය දේශනාව අස්සේ ලංකාවට කෙලවන්න එහෙම අංචි අදින්න එපා මෝදිට එකතුවෙලා.
A.R.Weerasena Thursday, 27 February 2025 05:58 AM
ලංකාවේ ජනතාව මොහුගේ පක්ශය වරෙක බින්දුවට පරාජය කර මොහුගේ ආසනයද පරාජය කර ගෙදර යවන ලදී. ජනාදිපතිකම ලැබුනේ ව්‍යවස්ථාවේ තිබූ ප්‍රතිපාදන අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබීමෙනි. එසෙම 2024 ජනාධිපති වරනයෙන් පැරදුනි. මහ මැතිවරණයෙන් ද පැරදුනි. මෙවනි පරාජිතයෙක් විදේශවලින් කැඳවීම මගින් පෙන්නුම් කරන්නේ ඒ රටවල් මොහුගේ අතීතය නොදන්නා නිසා විය යුතුය. මොහු ඡන්දයකින් දිනා ජනාදිපති වූ කෙනෙක් නොවේ.
මොට්ටපාල Thursday, 27 February 2025 06:47 AM
ලංකාවේ සිටින ලූටමූස් පිස්සාටත් පෙරේරා, නුවන් කිව්වාට නුවණක් නැති කෙනා, කරෝලිසා, ගුණරත්න හා තවත් එකෙකුටත් තේරුම්ගන්න බැරිවුණත් ලංකාවේ මොට්ටයින්ට නොවටිනා වුණත් උගතුන්ට, බුද්ධිමතුන්ට දැනුම බුද්ධියේ වටිනාකම තේරෙනවා. එනිසා ඔවුන් දැනුම් ගබඩාවක් වන රනිල්ගේ එම දැනුමෙන් ප්‍රයෝජනයක් අරගෙන ඔවුන්ගේ රටවල් සංවර්ධනය කරගැනීමට මහන්සි වෙනවා. මුලින් නම් කියූ පිනාලාට නොතේරුණාට. ඒකට තමයි ලෝක නායකයින් රනිල්ට ආරාධනා කරන්නේ...!
පම්පෝරි ජනක Thursday, 27 February 2025 06:57 AM
අදානි ඩීල් එක ගැලවූවාට පස්සේ මෝඩි ආපහු රනිල් පස්සේ කැරකෙනවා වගේ, විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව මිනිහට ඕනේ විදිහට නටවන්න බැරි නිසා රනිල්ව ආපහු බලයට ගෙන්න මෝඩිගේ ආණ්ඩුව සෑහෙන්න උත්සාහයක් ගනී.
Asela Thursday, 27 February 2025 07:36 AM
ලක්ෂ්මන් කදිරගාමර්, මිලින්ද, මහින්ද සමරසිංහ, රනිල් යනු ලෝකයම සවන් දීමට කැමැති ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින්ය. අනෙක් අය ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලනඥයින් කෙරෙහි කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැත. කවුරුන් එසේ පැවසුවත්, විශ්‍රාම ගැනීමෙන් පසුව පවා පිළිගත් එකම ප්‍රවීණ දේශපාලනඥයා රනිල්ය. චීනය හැර අනෙකුත් ලෝකය කොමියුනිස්ට් AKD විසින් පවසන කිසිදු කුණුහරපයකට සවන් නොදෙනු ඇත. ඒක තමයි සැබෑ සත්‍යය...
Jayasekara Thursday, 27 February 2025 09:11 AM
ලෝකේ මොන දේශනා තිබ්බාත් වැඩක් නැනේ තමන්ගේ රටේ මිනිස්සු කිපවාරයක්ම ප්‍රතික්ෂේප කර තිබුණාම
Nimal 1 Thursday, 27 February 2025 09:21 AM
දුසිරිත් දනන් දෙන ඔව දන් දෙසන බන මෙන
Bunny Preena Thursday, 27 February 2025 09:56 AM
වියපත් බඹරුන්ගේ පැණි බේරෙන සමුළුවක්...
පොඩිඑකා Thursday, 27 February 2025 11:25 AM
ලෝකෙට පරකාසේ…., ගෙදරට මර ගාතේ…..!
fairoos Thursday, 27 February 2025 12:02 PM
ඉන්දියාවත් ලංකාවේ තත්ත්වයට ගේන්න කොහොමද කියලා කියන්ඩ වෙන්ඩ ඇති
Nandalal DE SILVA - France Thursday, 27 February 2025 02:24 PM
ලංකාවේ සමහරුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතික්ෂේප කළත් ගෝලීය වශයෙන් එතුමා තවමත් ජනප්‍රසාදයට පත්වී පිළිගැනීමක් තිබෙන ලෝක නායකයෙක් බව පේන්වා...
karolisThursday, 27 February 2025 03:46 PM
ලංකාවේ උන් කැමති විට්ස් ලක්ෂ 12 ට දෙන ඕන ඇත්තක් බොරු කරන ඕන බොරුවක් ඇත්ත කරන හොර උපාධි කාරයන්ට නේ. තව ඉතින් ආලෝක වර්ෂ වේගයෙන් යන උන්ටත් කැමති.
senaThursday, 27 February 2025 04:54 PM
අනේ මන්දා අල් ජසීරා එකෙන් සල්ලි දීලා ඉන්ටර් වීව් එකක් අරගෙන කොලේ ඉරා ගත්තා කියලා ආරන්චියි...
ගමේ එකාලා Thursday, 27 February 2025 03:26 PM
ලෝකෙට පරකාසේ,ගෙදරට මර ගාතෙ කිව්වලු.පින් ජනපති ගැන කවර කතාද?
ප්‍රියන්ත Thursday, 27 February 2025 08:51 PM
මෙතන කමෙන්ට්ස් දාන අයගෙන් අහන්නේ…, රනිල්ගේ ආණ්ඩු කාලවල (අගමැති කම් සහ ජනපතිකම් කළ) පිටරටින් ගෙනා අප රටට ඵලදායී වූ ආයෝජන මොනවද?
පොඩිඑකා Thursday, 27 February 2025 08:59 PM
එතකොට මෙයාගේ උපදේශකයෝ 92 ත් ඇන්න යනවාද?
දූර දර්ෂන් Thursday, 27 February 2025 09:15 PM
ජනාධිපති කාලෙ දවස් 3 චීනෙට යන්න... උපදෙස් ගන්න කෝටි ගාණක් ගෙවලා චීනෙක් හයර් කළාලු. මෙදාපාර කීයක් ගෙවලා මොකක් හයර් කළාද දන්නේ නෑ…!