
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද (4)දැනුවත් කළේය
මෙරට උද්ධමනය සියයට 5 ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ප්‍රතිපත්ති පොලී අනූපාතයද පහතට ගෙන ඒමට හැකි වූ බව පැවසූ වීරසිංහ මහතා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.
රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණුද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හඳුන්වා දුන් නව නීති ඒ සඳහා ඉවහල් වූ බවද ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලටද මහ බැංකු අධිපතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ
Chandima Thursday, 05 September 2024 01:16 AM
දත් බේත් ඇඩ් එකක් වගේ. බබා මොනවගෙන්ද දත් මදින්නේ කියල අහපුවාම සිග්නල් වලින් කියනව. බබාගේ දත් ආරක්ෂා වෙලා තියෙන්නේ මොනව නිසාද කියපුවාම තාත්ත දුන්නු සිග්නල් වලින් කියනව. අන්තිමේදි, බලන්න මාරයි නේද අපේ තාත්තගේ වැඩ ඔයාලටත් සිග්නල් ඕනැනම් අපේ තාත්තවම ඇවිත් ම්බවෙන්න කියනව.
DMCP Thursday, 05 September 2024 04:18 PM
මිනිස්සුන්ට බදු ගහලා කරන්ට් බිල්, වතුර බිල්, ඉන්ධන මිල වැඩිකරලා බැංකු පුරවා ගන්න එකද බැංකු කරණය කියන්නේ?
Smddk Friday, 06 September 2024 06:11 AM
යකෝ මිනිස්සු හම්බවෙන වැටුපෙන් මාසයකට ආහාර ටික වත් ගන්න නැති කරලා vat bill වැඩි කරලා. තොපිට හොඳයි තොපේ වැටුප් වැඩි කරගත්තා දීමනා වැඩි කරගත්තා අපේ රත්තරන් බැංකු වලට සින්න උනා දරුවා ඉල්ලන්න දෙයක් අරන් දෙන්න බෑ මොකද්ද මේ රට ගොඩ ගත්තා කියන්නේ තොපි නේ ගොඩ ගියේ