පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි පිරිනැමීමටය.
ඒ අනුව, මරා හෝ පණපිටින් අල්ලා ගෙනැවිත් දෙන මදුරුවන් පස් දෙනකු වෙනුවෙන් පිලිපීන පේසෝ 1 ක මුදලක් පිරිනැමීම සිදුවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන ආසියානු රාජ්‍යයක් ලෙස පිලිපීනය පිළිගැනෙයි.
2023 වසරේදී පිලිපීනය දරුණු ලෙස ඩෙංගු වසංගතයකට මුහුණ දුන්නේය. 2023 වසරේ ඩෙංගු රෝගීන් 167,355 දෙනකු සහ මරණ 575 ක් වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි
kamal Koyrala Thursday, 20 February 2025 12:18 PM
අපි නම් සියලු කටයුතු කරන්න ඉන්න කෙනෙක්, දෙන්නෙක් මියපරලොව ගියාට පසුවයි, භූ විද්‍යා හාරන්නේ ගම් 3/4 නාය ගියාට පසුවයි. ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වෙන්නේ ගංවතුර හෝ මහ වැස්සකින් සියල්ල යට වුණා නම්, විදුලියත් එහෙම වඳුරෝ පනින්නම ඕන... හරි දේ කරන්න පකීර්ලට ඇස් ඇරෙන්න.