IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මැති ඇමතිවරුන්ට මැතිසබේන් දුන්නු තෑග්ග

(සුජිත් හේවාජුලිගේ)

කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් පසුගිය වසර දහයක කාලයේදී(2015 සිට 2024 දක්වා)රුපියල් කෝටි  585  වැඩි වටිනා ඉන්ධන දීමනා ඇතුළු  විවිධ දීමනා ගෙවා ඇතැයි එහි පාලනාධිකාරිය  තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වැටුප මෙයට ඇතුළත් නොවන අතර එම වැටුප් ගෙවනු ලබන්නේ එම අමාත්‍යවරුන් අයත්  අමාත්‍යාංශ විසිනි.

මන්ත්‍රීවරුන්ට මාසිකව ගෙවන දීමනාව, මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව, පාර්ලිමේන්තු රැස්වීම් වලට සහ  කමිටුවලට සහභාගිවීම  වෙනුවෙන් ලැබෙන  දීමනාව  ඇතුළු  දීමනා පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන  මෙම  දීමනා ගොන්නට ඇතුළත්වේ.

මේ අනුව මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවෙන් 2015 වර්ෂයේ දී රුපියල් විසි දෙකෝටියකට ආසන්න මුදලක්ද( 218,764,285.56), 2016 වර්ෂයේ දී රුපියල් කෝටි තිහකට වැඩි මුදලක්ද( 307,150,071.43) 2017 වර්ෂයේදී කෝටි හැට හතකට වැඩි මුදලක්ද ( 672,360,356.27), 2018 වර්ෂයේදී රුපියල් කෝටි හැට නවයකට වැඩි මුදලක්ද( 691,452,469.07) 2019 වර්ෂයේදී රුපියල් කෝටි හැත්තෑවකට වැඩි මුදලක්ද( 707,225,464.37) 2020 වර්ෂයේ දී රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක්ද ( 402,591,986.13) 2021 වර්ෂයේ දී රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි මුදලක්ද ( 714,315,450.84), 2022 වසරේදී රුපියල් කෝටි අනූ තුනකට වැඩි මුදලක්ද( 932,627,614.12)2023 වසරේදී රුපියල් කෝටි 109 කට වැඩි මුදලක්ද( 1,09,3,837,755.17) 2024 වසරේදී කෝටි 85 කට වැඩි මුදලක් ද ( 856885,884.90) ගෙවා ඇතැයි එම පිළිතුරේ සඳහන්වේ.

2022 වසරේ ජනවාරි මස සිට  ජුනි මාසය දක්වා අදාළ හිඟ ඉන්ධන දීමනා 2023 අප්‍රේල් මාසයේදී ගෙවීම හේතුවෙන් 2023 වර්ෂයේ මන්ත්‍රී දීමනා සඳහා වැය වූ මුදල අනෙකුත් වර්ෂ වලට වඩා ඉහළ ගොස් ඇතැයිද  එහි දැක්වේ.



අදහස් (2)

මැති ඇමතිවරුන්ට මැතිසබේන් දුන්නු තෑග්ග

C.K.Lankaputhra Saturday, 23 August 2025 02:27 PM

රටකට උහුලන්න පුලුවන්ද මේ සා සුවිශාල බරක්. ඒ අතර මේ අය හොරකන් කරන සල්ලි කන්දරාව. හැමදාම පරදින අපි හැමදාම දිනන අයට ජයවේවා ජයවේවා කියන අපි මොක්කුද ඇත්තටම...?

:       2       35

ගුණරත්න Saturday, 23 August 2025 04:22 PM

ඒවා හරි නැහැ කියමුකෝ. ඒත් දැන් ඉන්න කතානායක මහතා ගැන තියෙන චෝදනා ගැන මොකද කියන්නේ? දවසට රුපියල් 100 කට තරු පන්තියේ කෑම කන පාර්ලිමේන්තු සේවකයෝ ගැන මොකද කියන්නේ?

:       7       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17388 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site