
(එච්.එම්.ධර්මපාල )
විදේශගතව සිටින මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන පුද්ගලයකු ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා අලෙවියෙන් උපයාගත් රුපියල් 64,200 ක මුදල් සමඟ ගල්කිස්ස ඥානතිලක පාර බෝගස අසලදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
සැකකරු ගල්කිස්ස ගුණවර්ධන පාර පදිංචි වයස අවුරුදු 19 ක අයෙකි. ඔහු දැනට ඩුබායි රටට පලාගොස් සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන " බඩෝවිට අසංග " යන අයගේ ප්‍රධාන ගෝලයකු බවද කියයි.
ලැබෙන ඇමතුම් අනුව තොග වශයෙන් ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, දෙහිවල යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇතිබවට අනාවරණය වීඇතැයිද පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd