
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමෙි පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙි පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමෙි දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය.
මෙි සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම සඳහා නීතියක් නැති බවත්ය.
COMMENTS
අනිත් රටවල් වල වගේ පොලිස් සුනකයින්ගේ සහාය ලබා ගත්තානම් පහසුවෙන් මත් උවදුර මඩින්න හැකි වෙයි
පොත්බෑග් බලනවා කියලා කළින්ම කිව්වාම කොහොමද?
මේක සම්පූර්ණයෙන් අනවශ්‍ය දෙයක්. ළමයින්ට කරන අපහාසයක්... මත්ද්‍රව්‍ය ගෙන්වන අය සහ බෙදාහරින අය ගැන බලන්න...
ඔයගමන් ගුවන්තොටුපළවල්වලට වී.අයි.පී. කාරයින්ගේ ගමන්මලුත් බැලුවා නම් නරකද?
පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ... කුඩු විකුණන අයව වටකරලා අල්ලන්නේ නැතිව අහිංසක දරු පැටවුන්ට හිරිහැර කරන්න හදනවා...!
ඊට වැඩිය ලේසි නැද්ද ඇමැතිතුමා ඔය දියවන්නාවේ ඉන්න අයගේ එකවුන්ට්ස් ටික චෙක් කළා නම්...!
පාසල්වල ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථානවල පොලීසිය, පොලිස් සුනඛයින් සමග රැඳී සිටිය යුතුයි...!
ජාවාරම් කාරයන් අල්ලන්න වැඩ පිළිවෙළක් නැහැ. නිකන් බයිලා විතරයි...