
(ජේ.ඉඳුරුවගේ)
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සුරාබදු ප්‍රමාණයන් නියම කරමින් මුදල් ,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයාට සුරා බදු ආඥා පනත අනුව පැවරී ඇති බලතල අනුව නියමකර ඇති මෙම බදු ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කරමින් හා මෙම බදු සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ 2023.12.31 හා 2364/35 අති විශේෂ ගැසට් පත්‍රයේ 04/2023 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින් මෙම ගැසට් නිවේදනය ජනවාරි 10 දාතමින් නිකුත් කෙරිණි .
ඒ අනුව නිෂ්පාදනාගාරවලින් නිකුත් කරන විශේෂ අරක්කු මධ්‍යසාර සෑම ලීටර් එකකටම රුපියල් 7244 ක් ,ඉක්ෂුපාත තල් ,පොල් සහ පදම්කළ අරක්කු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7752 ක් ,විදේශීය ස්ප්‍රීතු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7969 ක් ලෙස අයවිය යුතු සුරාබදු ප්‍රමාණ නියම කර තිබේ.
සැර ප්‍රතිශතය සියයට 05 හෝ ඊට අඩු ධාන්‍ය මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක් හා එය සැර සියයට 05 ට වැඩි වන්නේ නම් රුපියල් 6015 ක් ලෙස සුරාබද්ද නියම කර ඇති අතර මෙම දෙවර්ගයම යම් විදේශ රටක් වෙනුවෙන් මෙරට සිටින යම් තානාපති දූත මන්ඩලයක ප්‍රයෝජනයට නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන විට එම මත්පැන් සඳහාවූ ගෙවීම් එම මණ්ඩලවල විදේශීය ගිනුම්වලින් කරන්නේ නම් එම මත්පැන් ඕනෑම ප්‍රමාණයක් වෙනුවෙන් මෙකී බදු අය නොකළ යුතු යැයිද නියම කර ඇත.
රා හෝ වෙනත් ධාන්‍යවලින් හැදූ මත්පැන් හැර තාල වර්ගයේ හෝ වෙනත් පැළෑටියකින් ස්වාභාවිකව ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මත්පැන් මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක්,මධ්‍යසාර ප්‍රතිශතය සියයට 18 ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ සත්ව කිරි මගින් ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මධ්‍යසාර ලීටරයකින් රුපියල් 1567 ක් වශයෙන් සුරාබදු ප්‍රමාණයන් නියම කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නිපදවන කිරි පොන්සා මධ්‍යසාර ලීටරයකට රුපියල් 3982 ක් ,සැර සියයට 04 ට නොවැඩි සයිඩර් මධ්‍යසාර ලීටරයකට රුපියල් 4347 ක් වශයෙන් මෙම බද්ද නියම කර ඇත.
ඉහත සඳහන් සියලු මත්පැන් කවර ප්‍රමාණයක් වුවද අපනයනයේදී ඒ සඳහා නියමකර ඇති බදු ප්‍රමාණයන් අය නොකළ යුතු බවද නියම කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
Lalla Wednesday, 15 January 2025 10:48 AM
මේ කියන විදියට කොහොමද අඩුමිලට මත්පැන් දෙන්නේ? හොර සුරා වලට පාර ඇරල....ගම්වල ඉන්න දේශපාලකයින්ට ජය මගුල් වෙයිද?
de silva Wednesday, 15 January 2025 01:26 PM
කස්සිපු මුදලාලිට රජ මගුල්...
Ruwan R Wednesday, 15 January 2025 02:33 PM
මේකට තවත් බදු ගහන්න එපා යකුනේ. වඩු වැඩ, මේසන් වැඩ වල ඉඳන් රටේ සියලුම තාක්ෂණික රැකියා කරන මීනිස්සු අරක්කු මීලට ගලපලා තමන්ගේ අය කිරීම වැඩි කරනවා මේ හින්දා. ඒකත් ගෙවන්න ඕනේ අපිනේ ඊ ළඟට. එක්කෝ අරක්කු ලංකාවෙන් අයින් කරන්න ඕනේ. එහෙම නැතිව ආණ්ඩු කරන්නේ අරක්කු විකුණලා නම් අනික් මිනිස්සුන්ට වදයක් නොවෙන්න ඒක විකුණා ගන්න ඕනේ.