
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට හිංසන සහ අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව අද දෙවෙනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
වින්දිත නිලධාරිනියගෙන් මෙහිදී දෙවැනි දිනයටත් ප්‍රකාශ සටහන් කර ගැනුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මෙම කමිටුව ඉකුත්දා පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි.
වින්දිත නිලධාරිනිය පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණු අභ්‍යන්තර කමිටු දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බාහිර විමර්ශන කමිටුවක් මෙසේ පත් කෙරිණ.
එම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදීද පසුගිය කාලයේදී ප්‍රශ්න කෙරිණ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ හිංසන හොයන කමිටුවට නිලධාරිනියගෙන් අදත් ප්‍රකාශයක්