IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැතිසැබේ හිංසන හොයන්න පිටින් කමිටුවක්

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්‍රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයක් මැදිහත් කරවාගෙන විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ මැති ඇමැතිවරුන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

සිද්ධිය ගැන අපක්ෂපාතී විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු භාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය පැවැත් වූ එම පරීක්ෂණයේ වාර්තාවද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාර දෙනු ලැබ ඇත.

එම වාර්තාවද පදනම් කරගෙ සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

 



අදහස් (1)

මැතිසැබේ හිංසන හොයන්න පිටින් කමිටුවක්

දිසා Monday, 13 January 2025 10:11 AM

'අපක්ෂපාතී' පරීක්ෂණයක් තියන්න කියන්නේ දැන් ඉන්න පරිපාලනය විශ්වාස නැති නිසාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site