
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට නුවරඑළියේ පවත්වාගෙන එන නිවාඩු නිකේතනය (General's House) ආසන්නයේ පාර්ලිමේන්තු සේවකයන් වෙනුවෙන්ද නිවාඩු නිකේතනයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙය පාර්ලිමේන්තු සේවකයන් කාලයක සිට කරන ලද ඉල්ලීමක් ඉටු කිරීමක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සියලුම කාර්යාලවලට පානීය ජල පහසුකම්( ලොකු ප්‍රමාණයේ ජල බෝතල්) ලබා දෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇත.
බොහෝ කාර්යාලවල පානීය ජල පහසුකම් නොමැති බව පෙනී යෑමෙන් පසු කතානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා නොමිලේ කෑම සහ සැප ගැනීමට බංගලා. ඒකත් නරකම නෑ. පහුගිය ආණ්ඩු කරපු දේවල්ම තමයි. මෙයාලා කරන්නේ වෙනත් විදිහකට... හැබැයි ඒකමයි. අන්න ඒකයි වෙනස...
පාර්ලිමේන්තු සේවකයන් සඳහා නුවරඑළියේ නිවාඩු නිකේතනයක් පිහිටුවීමේ තීරණය නැවත සලකා බැලිය යුතු යෝජනාවක් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම සාමාන්‍ය රජයේ සේවකයින්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයක වරප්‍රසාද ලබන නිලධාරී පිරිසකට නිවාඩු ගතකිරීම සඳහා රජයේ මුදලින් නිවාඩු නිකේතන පිහිටුවීමට යාම පැරැණි නාස්තිකාර ක්‍රමයටම නැවත පණ දීමේ උත්සාහයකි. බදු ගෙවන පොදු ජනයා වෙනුවෙන් කළයුතු අත්‍යාවශ්‍ය දේවල් අතිමහත් ප්‍රමාණයක් තිබියදී මෙවැනි තීරණ ගැනීම නිවැරැදි නොවේ. පුවතේ සත්‍ය අසත්‍ය භාවය නොදන්නා නමුත් එය සත්‍ය පුවතක් නම් එම තීරණය අනවශ්‍ය හා වියදම්කාරී එකක් ලෙස දකිමි...
සේවක මණ්ඩලයේ සුබසාධනය ගැන හිතන එක ලොකු දෙයක්. ලීටර 19 පානීය ජල බෝතල් ස්ථාපනය කළ හැකි මැටිවලින් සාදන ලද ජලකරාම සවිකළ ගුරුලේත්තු භාවිතා කළා නම් බොහොම සිසිල් වූ ජලය පානය කරන්න පුළුවන්. ශීතකරන වෙනුවට හොඳ විකල්පයක්...
පේනවනේ එක පෑන් පාරයි.
නිවාඩු නිකේතන හදලා කට්ටියව නිවාඩු ඇරලා සැප දෙන්න නොවෙයි මිනිස්සු මේ පාර ඡන්දෙ දුන්නේ... වසර 5ක් යද්දී කළින් අයට වඩා වෙනසක් නැති වුණොත් යහපාලනයට වඩා පච ආණ්ඩුවක් වේවි. අලුත් කට්ටිය කිසිම දෙයක් නොදන්නා කමට සියල්ල උගන්වනවාට දෙන තිළිණයක් නේද මේ?
මහජන මුදලින් නිකමුන්ට සැප දෙමු! මේ ආණ්ඩුවේ පුනරුදේට කියන අලුත්ම නිර්වචනය...