(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බලනු ලැබීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙම රැස්වීමටකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ කාර්ය සාධන වාර්තාව සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තාව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ 2023 වසරට අදාළ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2021, 2022 සහ 2023 වසරවලට අදාළ වාර්ෂික වාර්තා, බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ 2021/2022 සහ 2022/2023 වසර සඳහා වාර්ෂික වාර්තා හා ජාතික ලුණු සමාගමේ 2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා හා ගිණුම් සඳහා අනුමැතිය ලබාදීමද මෙහිදී සිදුවිය
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මැතිසබා කමිටුව ආයතන හයක් ’’කොලිටිය’’ බලයි