IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙබරවාරි 06 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) දින නියම කළේය.

මෙම පෙත්සම විභාගයට ලැබූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් පෙත්සම විභාග කිරීමට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කරනු ලැබමෙන් අනතුරුව එලෙස දින නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එලෙස් දින නියම කරනු ලැබීය.

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ත්‍රස්ත ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ ජේසුරාජ් ගනේෂන් නමැත්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව පැමිණිලි ගොනු කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන් අපරාධ චෝදනා යටතේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි ඉල්ලා ඇතැයිද සඳහන් කර ඇත.

පැමිණිල්ල සලකා බැලූ කොටුව හිටපු මහේස්ත්‍රාත්වරයා එම පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් තමන්ට සිතාසියක් නිකුත් කර ඇති බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා එම සිතාසිය අත්හිටුවන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.

 



අදහස් (0)

මෛත්‍රීගේ රට් පෙත්සම පෙබරවාරි 6 විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site