(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.
පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 7100 කගේ සහභාගීත්වයෙන් කෙරුණු මෙහෙයුමේදී පුද්ගලයන් 25671 දෙනකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10360 ක් හා යතුරු පැදි 7833ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණු බව අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1504 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 මිලිග්‍රෑම් 809ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 214 මිලිග්‍රෑම් 705ක් ද අත්අඩංගුවට පත්විය.
එම විශේෂ වැටලීම් වලදී අපරාධ වලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 22 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 520 දෙනෙකුද අත්අඩංගුවට පත් වූ බව අමාත්‍යංශය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මත්ද්‍රව්‍ය - අපරාධ මෙහෙයුම් දිගටම
Perakum Liyanagama Friday, 25 July 2025 07:46 PM
කොච්චර වැටලීම්කලත් අල්ලපු එකෙකුට දඬුවම් කල බවක් දැනගන්න තියනවාද?
Para Saturday, 26 July 2025 05:11 AM
දිගට විතරක් නෙවෙයි, දිගට හරහට මෙහෙයුම් කලත් ඇති වැඩේ මොකද්ද දඬුවමක් නැත්නම්...? නිකං අපේ සල්ලි නාස්ති කරනවා විතරයි...