IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්තල ගුවන් තොටේ අපගමන බදු සහන කාලය දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-01-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන් ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත. 

එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන් තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇති අතර, ඇතැම් ගුවන් සේවා එම ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කර ඇත. 

එකී අපගමන බදු සහනය තවදුරටත් පවත්වා ගෙන යාම මඟින් තරගකාරිත්වය ඉහළ නැංවීම හරහා එම ගුවන්තොටු පොළ වෙත නව නිශ්චිත ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ශනය කර ගැනීමට හා පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාල සීමාව 2027-06-26 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මත්තල ගුවන් තොටේ අපගමන බදු සහන කාලය දිගු කරයි

ගමේ එකාලා Thursday, 09 October 2025 11:39 AM

රාජපක්ෂලා ගේ නම දාගෙන ,පුලුවන් තරම් ගසා කෑවා. වැඩක් උනේ නැහැ.මොළහතා නම් කිව්වේ කපුටා හිට්ස් ද ප්ලේන් කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site