IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්තල ගුවන්තොට සමාගම් තුනකට

(සුජිත් හේවාජුලිගේ)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්වය වැඩ පිළිවෙල (PPP) යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය  ආචාර්ය අනුර කරුණාතිලක මහතා  ලංකාදීපයට පැවසීය.

මෙම යෝජනාවලිය  කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරගෙන යන  බව පැවසු අමාත්‍යවරයා  අනතුරුව ගුවන්තොටුපොළ  වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව කරුණාතිලක මහතා  කීවේය.

මේ වැඩපිළිවෙල යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ තෙල් සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භයේ සිට(2013)  මේ දක්වා රුපියල් කෝටි 6600 පාඩුවක් ලබා ඇතැයි  අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි වසරක පාඩුව රුපියල් කෝටි දෙසීයකි.



අදහස් (2)

මත්තල ගුවන්තොට සමාගම් තුනකට

premakumara Saturday, 27 December 2025 12:50 PM

බැරිද රජයත් සමාගම් තුනකට විතර දීලා දාන්න. නාලානේ ඉන්නේ. දැන් යන්තම් ලක්ෂ ගණන් දහස් ගණන් දීලා මිනිස්සුන්ගේ කටවල් ටික වැහුවා. බැරිද කරන්න පුලුවන් කෙනෙකුට ඕක කරන්න දෙන්න?

:       15       14

Ekmon Dematagala Saturday, 27 December 2025 02:43 PM

කියනකොට එහෙමට වුණත් මගේ ජනතාව මට වෙනු සමා. කරනකොට කිව්දේ කරන්නට බැහැ කියා තේරුනා තමා..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site