
(සුජිත් හේවාජුලිගේ)
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් රජය නව කැමැත්ත ප්‍රකාශන කැඳවීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රස්නයක් නැහැ. කපුටා හිට් ද ප්ලේන්...?
එන්පීපී/ පාරම්පරික ජවිපෙ වහලුන් හැරුණු විට, මේ ශ්‍රී ලංකාවේ සිදුකළ මෙගා සංවර්ධනය වෙන කිසිවෙකු නොව මහින්දයි. මීට පෙර කිසිදා කළ නොහැකි මාර්ග සංවර්ධනයක්, මහින්ද විසින් කරන ලද මෙගා ව්‍යාපෘති. ඇත්ත වශයෙන්ම, 2005 සිට 2015 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේය. මෛත්‍රීට සහාය දුන් ජවිපෙ රටට විනාශය ගෙන ආවේය. නෙළුම් කුළුණ යනු මෙම ජාතියේ ලෝක කීර්තිමත් අනන්‍යතාවයයි. මේ නිෂ්ඵල පාලනය කළේ කුමක්ද? ඇනිකට් එකක් පවා හැදුවා. කිසිවක් නැත. චෝදනා කිරීම පමණි. වෙන කිසිවක් නැත. වෛරී අවජාතකයෝ...!
අපේ රාජපක්ෂ මහරජානෝගේ නාමය මකා දමන්නේ නැතුව ඕන මගුලක් කර ගත්තාට සපත්තු ලෙවකන බයියන් වන අපේ විරුද්ධයක් නෑ...
හිටපු නායකයින්ට බැන බැන රටට දායද කරපු දේවල් විකුණාගෙන කන එක තමයි කරන්නේ. ණය ගන්න එකයි විකුණන් කන එකයි ඇරෙන්න වෙන නම් දෙයක් පේන්න නෑ. ආ... කට මැත දොඩවන එකයි කෙප්ප කෙළින එක පේනවා...
අසේල කියන විදියට මහින්දයා මෙගා සංවර්ධනය කරපු විදිය දන්නෝ හොන්දාකාරවම දන්නවා .අධිකරණය විසින් ආර්ථික ගාතකයෝ කියලා වරදකරුවන් වෙච්ච් . සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගාණක ආදාරත් හොරාකාපු මහින්දයා හිරේට නොයවා රජගෙදරට යවපු අය ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
ඔය ආයතනය දියුණු කරන්න අමාරු එක රජයේ ආයතනයක් ලෙස පවතින නිසයි. දැන් රනිල්ට බැන්නාට හම්බන්තොට වරාය රටට බරක් නැතිව වැඩේ කරගෙන යනවා, රට ආදායමුත් හොයා දෙනවා, නමුත් කොමියුනිස්ට් මොළ බාග වලට ඕක තේරෙන්නේ නැහැ, උන් දන්නේ ත්‍රිපෝෂ කඩ දාන්න.
රනිල්, රාජපක්ෂ කාලේ නේද?
රාජපක්ෂලා කරපු සුදු ව්‍යාපෘති වලින් රට බංකොලොත් උනත්, ඒ කරන අයනම් සැපට ඉන්නවා.