
(සුජිත් හේවාජුලිගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත
මේ සහතිකයදී අැත්තේ මත්තල ගුවන්තොටුපළට වන සතුන්ගෙන් එල්ල වන තර්ජන වැලැක්විමට පියවර ගැනීමෙන් පසුවය
ඒ අනුව මත්තල ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සකාච්ඡා ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4කි.
නව ගුවන් සේවා පැමිණීමත් සමග ගුවන්තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කෙළේය
මත්තල ගුවන්තොටුපළට මාසිකව රුපියල් කෝටි 25 ක පාඩුවක් ලබයි.
2025 නොවැම්බර් මස 04
15
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්තල ගුවන්තොටට හොද සහතිකයක්
පන්සිළු Thursday, 30 October 2025 04:51 PM
මේකට කොයිතරම් මඩ ගැහුවද? එක්කෙනෙක් වී ගබඩා කරලා නිගා දුන්නා. එය රටේ සම්පතක්. හදපු නායකයා ඒක ගෙදර අරන් ගියේ නෑ. අනිත් නායකයින් දැනගන්න ඕන ඒකෙන් රටට වැඩ ගන්න...
himalFriday, 31 October 2025 09:00 AM
ඕනෑම ගුවන් තොටුපළක ගුවන් භාණ්ඩ සඳහා ගබඩා තියෙනවා. ගුවන් භාණ්ඩ නැත්නම්, හදිසියේ වී ගබඩා කරන්න අවශ්‍ය නම් ඒ ගබඩා ගත්තාම තියෙන වරද මොකක්ද? ඒවායින් හම්බ වෙච්ච ආදායම ගැන මොකද කියන්නේ?
සචින්ත Friday, 31 October 2025 03:14 PM
හදපු කෙනා දැනගන්න ඕනෑ නිවැරැදි තැනක හදන්න. රට ණයකරලා රටට බරක්වෙන දෙයක් හැදුවත් රටට ණය ගෙවන්න වෙන නිසා අමාරුවෙන් හරි කළමනාකරණය කරලා ලාබගන්න වෙනවා.. රාජපක්ෂලා, යහපාලනේ රනිල් ඔය මොකෙක්ටවත් මත්තල පාඩු ලබන එකෙන් ගොඩගන්න පුලුවන් වුණාද? අවසානේ ඒ බරත් අදින්න ඕන npp එක.. npp එකේ අයගේ මැනේජ්මන්ට් හොද නිසා ආයතන එකින් එක ලාභලබනවා. රාජපක්ෂකලේ ඔවුන්ගේ ෆැමිලි කොම්පැනි එක ලාබකරපු එක විතරයි.
රත්නවීර Thursday, 30 October 2025 05:38 PM
ඔවුන් ගහපු මඩ ඔවුන්ම හෝදනවා...
Sameera Thursday, 30 October 2025 08:04 PM
මේකේ කොමන්ට් දාන මෝඩ මින්සුන්ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන් දාන කොමෙන්ට් එකෙන්.. මත්තල කියන්නේ අසාර්ථක පෝජෙක්ට් එකක් කියලා මෙච්චර පැහැදිලි වෙලත් තවම එක තේරුම් ගන්න බැරුව කඩේ යනවා.
පොඩිඑකා Thursday, 30 October 2025 08:09 PM
හලෝ පන්සිළු, රත්නවීර, මේ ඔහෙලා කියන ජාතියේ වැඩක් නොවෙයි. හිටපු කාලකන්නි පාලකයෝ රටට දායාද කරපු නාස්තිකාර ව්‍යාපෘතියකින් වෙන පාඩුව අවම කරගන්න උත්සාහ කරනවා. ඒක තේරෙන්න මොලයක් ඕනෑ.
සෙනෙවිරත්න Thursday, 30 October 2025 09:40 PM
හෝදල පිළිවෙළට ගන්න. වන සත්තු පන්නල ඕක ගුවන් තොටක් කරන්න අපේ ජනාධිපති තුමාගේ මාලිමා රජයෙ ඔළු වලට හැකිවීම සතුටක්මේ ගෞරවයක් ඒවගේම මාසිකව කෝටි 25 ක අලාභය අඩු කර ගැනීමට එය හේතු වේවා! බැඳගත් බෙරය ජාතියම එක්ව ගැසිය යුතු බව මේ සම්බන්ධයෙන් රජයට මඩ ගහන අයට දන්වමි.
දිනේෂ් Thursday, 30 October 2025 11:34 PM
නායකයා ගෙදර අරන් ගියේ නෑ තමයි. ඒත් ඇත්ත වටිනාකමට වඩා වියදම ගොඩක් වැඩී. අනික තමයි දැනටත් මාසෙකට කෝටි 25ක පාඩුවක් සිදුවෙනවා.
සෙනෙවිරත්න Friday, 31 October 2025 05:27 AM
මත්තල ගුවන්තොට ඇරල රාජපක්ෂ නම ගහ ගත්තට අහස් යානා එන්නෙ නැති ගුවන්තොට ලේබල් එක ගලවන්න අනුර එනකන්ම ඉන්න සිදුවුණා පළපුරුදු කට්ටියට. ගුවන්තොට වන සතුන්ගෙන් හානි නොවන ලෙස සකස් කලේ වින්මල්ට ඇමති,මේ රජයෙ. මේක හැදුවට විවේචනය කලා තමයි නමුත් හදපු එක රටට බරක් නොවන්න වැඩ කලේ මේ රජය. ඒක නිසා පරණ කතා වැඩක් නැහැ, විවේචනය එහෙමමයි අනවශ්‍ය ඉදිකිරීමක් මේ මුදලින් කටුනායක වැඩි දියුණු කලා නම් රටට විශාල ආදායමක්, නම ගහගන්න රටක් ණය කරපු කාලකණ්ණින්ට අද පාරෙවත් යන්න බැහැ.
සෙනෙවිරත්න Friday, 31 October 2025 05:28 AM
ඔය සහතිකේ පළපුරුදු කට්ටියට ගන්න බැරි උනා
Chandana Friday, 31 October 2025 06:03 AM
හරි
maalaka Friday, 31 October 2025 08:12 AM
අයොජනය හොඳ නෑ, එත් මේ මහජන මුදල් (අපිත්, ඉදිරියටඑන්න ඉන්න පරම්පරාවක් ණය වෙලා ) කොහොම හරි ගෙවන්න ක්‍රමයක් හොයාගන්න ඕන. ඒවා නැතුව ‘මාර නිධානයක්’ නොවෙයි
Senarath Friday, 31 October 2025 08:46 AM
කියපු ඔක්කොම කතා බොරු කියලා එයාලට දැන් පිළිගන්න වෙලා. Port City එකට මොනවාද නොකිව්වේ? අද එය විදේශිකයන්ට ඉන්වෙස්ට් කරන්න හොඳම තැනක් කියලා ආණ්ඩුව කියනවා . නෙළුම් කුලුනට කිසිම මුදලක් රජයෙන් වියදම් නොකර මිලියන 89ක් ලාභ ලබනවා
wedage Friday, 31 October 2025 09:37 AM
සහතික දුන්නාට වැඩක් නෑ, රුපියල් කෝටි විසිපහක් මසකට කනවනම්.
Gihan Friday, 31 October 2025 03:19 PM
ලප කොටා කොච්චර බොරු විද්දද?