IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මඩකලපු රෝහලට අලුත් පණක් ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

මඩකලපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර  සහ  ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ හා ආන්ත්‍රික ඒකකය සහ අක්මා ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ මෙම ඉදිකිරීම් කර ඇත.

මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 05 කින් යුක්ත වේ. වර්ග මීටර් 4,328 කින් යුත්  හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ බිම් මහලේ සායන, එක්ස් කිරණ ඒකක (X-Ray) සහ  ECG පරීක්ෂණ ඒකක වලින් යුක්ත වන අතර, පළමු මහල කැතීටරීකරණ රසායනාගාරය (කැත් රසායනාගාරය) සහ කිරීටක සත්කාර ඒකකය (CCU) කින් යුක්තය. දෙවන මහල ශල්‍යාගාර සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකය (SICU) කින් යුක්ත වන අතර, තුන්වන සහ හතරවන මහල් ඇඳන් 80 කින් යුත් වාට්ටු වලින් සමන්විතය.

මෙහි ඉදිකිරිම් කටයුතුවලට අදාළ  උපදේශන සේවා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබයි.

විවෘත කිරීම් වලින් අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා මඩකළපුව රෝහල දිගු කලක් තිස්සේ නැගෙනහිර පළාතේ තෘතීයික සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය වී ඇති බව කීය.

වසර ගණනාවකට පෙර සුළු පහසුකම් සහිතව ආරම්භ වූ  රෝහල මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව නැගෙනහිර පළාත පුරා සිටින රෝගීන්ට ද ප්‍රතිකාර කරන ප්‍රමුඛ ආයතනයක් දක්වා වර්ධනය වී ඇති බවද අමාත්‍යවරයා  පැවසීය.



අදහස් (0)

මඩකලපු රෝහලට අලුත් පණක් ලැබෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site