
( රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
කදපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ (10) සවස ඇද හැලුන අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මොටර් රථය ලිස්සා ගොස් තේවත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරැළි මෙම අනතුර සිදු වි ඇත.
අනතුරින් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලත් මේ මිනිස්සු නොමැරී බේරුනා, හේතුව මේක වායු බැලූන තියෙන ආරක්‍ෂිත වාහනයක් වීම නිසා,
ගුණරත්න වැරදියි. මේක ආරක්ෂිත තරු පන්ති 5න් 1 තියෙන දුර්වල ආරක්ෂිත වාහනයක්. අවුරුදු 25ක් විතර පරණ එකක්. වාහනය ලිස්සලා යනවා කියන්නේ වාහනයේ ප්‍රධාන දුර්වලතාවක්. වාහනයක් වුනත් අවුරුදු 10ක් පරණ වුනාම වාහනයේ ආරක්ෂිත බව අඩුයි. ලංකාවේ තියෙන වාහන 99% අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණයි. JN නම්බර් එකක් කියන්නේ ගොඩක් පරණ එකක්. අනික මේවා පිකප් වර්ගයේ නොවන නගරබද යන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ රෝද සහිත වාහනයක්. ජපානයේ වැගන් ආර් මෝටර් රථ කියන්නේ දුර යන්න බැරි නගරබද එදිනෙදා සුළු වැඩ වලට ගන්න ඉන්ධන දහනය අවම වාහන වර්ගයක්. ලංකාවේ වගේ රටවලට විශේෂයෙන් මධ්‍යම පළාතට හරි යන්නේ පිකප් වර්ගයේ වාහන. අඩුම කදු බැවුම් වලදි ම්ඈ වර්ගයේ වාහන ප්‍රයෝගික නෑ.