(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී තුවාල සිදුකර කොල්ලකෑ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑමේ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ සහ තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව‍්‍ය සමඟ අත් අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.එම ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍්‍ය ගෑම් 15 ක් හා සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍්‍ය ගෑම් 11 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු කහතුඩුව පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් සියලු දෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන කුරුවිට ආරච්චිගේ කවිඳු ධනංජය නොහොත්, සැන්ඩෝ යන අයගේ සාමාජිකයන් බව පොලිසිය කියයි.
කහතුඩුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාම සඳහා ඉකුත් (14) අලුයම පැමිණ කල් වේලා තිබෙන බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවතා විවේක ගනිමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ සිය බිරිඳ අසනීපව රෝහල් ගතට රැගෙන යාමට පැමිණෙන ලෙස රියදුරට කළ ආයාචනය මත ඊට එකඟව මෝටර් රථය පණ ගන්වා යාමට සූදානම් වීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකු ඊට බලහත්කාරයෙන්ම ගොඩ වී තිබිණ .
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෝටර් රිය කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි