
(රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.
අද (22) මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd