
(සමන් පාලිත නානායක්කාර)
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති වුවද මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව බව හල්දුමුල්ල පොලිසිය පැවසීය.
කඩවත සිට බණ්ඩාරවලට මෝටර් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් සිව් දෙනකු මෙම අනතුරකට මුහුණ පා තිබේ.
වර්ෂාව නොමැති අවස්ථාවක මෙසේ ගල්කුළු පෙරළී ඇති එබව ද මේ දිනවල පවතින වර්ෂාව සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පර්වත පහළට පෙරළී ඒ මේ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව රථ වහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර භවයක කළ කර්මයට පටිසන් දෙන හැටි. එච්චරයි...!
රටේ ආණ්ඩුවක් තියෙනවා... බදු මුදල් එකතු කරගන්නවා, ඒත් මහජන ආරක්ෂාව බින්දුවයි, අරහෙන් වෙඩි, මෙහෙන් කළුගල්. ඔය නිකරුනේ ඉන්න රජයේ සේවකයෝ යොදවලා ඔය අවදානම් ඉවත් කරන්න බැරිද?
මේ කාර් එක විකුණලා ඉවරයි. නොම්මරේ හොඳට පේනවා.