
(විමුක්ති එස් රුද්‍රිගු)
මැඩලේන් බ්‍රොක්වේ සහ ජේකොබ් ලග්‍රෝන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 1933 කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 59 ක්) වැය කරමින් පැවැත්වූ විවාහ උත්සවය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.
දින පහක කාලයක් පුරාවට ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ස්ථානවල පවත්වා ඇති 26 හැවිරිදි මැඩලේන් බ්‍රොක්වේ සහ ඇයගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජේකොබ් ලග්‍රෝන්ගේ විවාහ උත්සවය මේ වනවිට 21 වෙනි සියවසේ විවාහ උත්සවය ලෙස හඳුන්වා ඇත.මොවුන් දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන්ය මෙම විවාහ උත්සවයට ප්‍රසිද්ධ ඇමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරූන් 5 සංගීත කණ්ඩායම සහභාගී වී ඇති අතර එහිදී යුවළ වෙනුවෙන් පුද්ගලික සංගීත ප්‍රසංගයක්ද ඔවුන් පැවැත්වුවේය.එසේම සුප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන වර්සයිල්ස් මාලිගය විවාහ උත්සවයේ කොටසක් සඳහා වෙන්කර ගැනීමට මැඩලේන් සහ ජේකොබ් සමත්ව ඇත.ඔවුන් වර්සයිල්ස් මාලිගයේ රැයක් ගත කිරීමට තරම් වාසනාවන්ත වූවේය.එපමණක් නොව මැඩලේන් සහ ජේකොබ් විවාහ උත්සවයට සහභාගී වූවන් පුද්ගලික ගුවන් යානාවලින් පැරිස් නුවරට ගෙන්වා ගෙන තිබේ. ශ්‍රී ලංකා රුපියල් කෝටි 2815 ක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 86) වියදම් කරමින් 2018 වසරේ පැවැත්වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවයට තවමත් හිමිව තිබෙන අවධානය අඩු කිරීමට මැඩලේන් සහ ජේකොබ්ගේ විවාහ උත්සවය සමත් විය.
මෙම විවාහ උත්සවය වීඩියෝ දර්ශන සහ ඡායාරූප මැඩලේන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම විවාහ උත්සවය පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් අනුමාන කර ඇත්තේ මෙම විවාහ උත්සවයේ වියදම මැඩලේන්ගේ දෙමාපියන් විසින් දරා ඇති බවයි. එසේම විවාහ උත්සවයක් සඳහා මෙවැනි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන එල්ල කර ඇත.ඇයගේ දෙමාපියන් මෝටර් රථ ක්ෂේත්‍රයට සම්බන්ධ අතර ඔවුන් දෙදෙනාම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ය.


COMMENTS
එයාලගෙ සල්ලි, එයාලට ඕන විදිහට වියදම් කරපු හැටි ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් දුප්පත් මහජනතාවගෙ සල්ලි තමන්ට ඕන හැටියට කාබාසිනියා කරපු උන් ගැන කතා කරන්න ඉන්නේ තුන් හතර දෙනයි. ඕං සෝබාව.
මෙම ඇමරිකානු ජාතික යුවල මෙතරම් මුදලක් වියදම් කලේ කොයි ලෙසකින් ද කුමන ව්‍යාපෘතිවලින් මුදල් ගසා කාලා ද යන වග අපගේ අනුර කුමාර සහෝදරයා ජනපති වූ වහාම පරීක්ෂණයක් පවත්වනු ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් නෝනා ද ඊට තම උපරිම සහයෝගය ලබා දෙනු ඇත්තේ අයගේ වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන මිතුරා වන්නේ අකුදී සහෝදරයා වීම හේතුවෙනි. එම පරීක්ෂණය අවසන් වනතුරු ජවිපෙහි කුප්‍රකට ෆයිල් මිටි කීපයට තව දුරටත් තුබූ තැන්වලම තිබෙන්නට වනු ඇත.
මැක්ස් ගොයියා, ජානගත උපන්ගෙයි මෝඩයෙක් වගෙයි කතාවෙන් පේන්නේ...හොරුන් ඉවත ලන කටු ලෙවකමින් උද්දාමයට පත්ව අනෙක් අයට බුරන එක හපන්කමක් කියලද ඔහේ හිතාගෙන ඉන්නේ...රෝයල් වෙඩින් එකේ ඉවත ලන ඉඳුල් ගැන හිතලා සෑහෙන්න කනගාටු හිතිලා වගෙයි..? අනුන්ගේ ඉඳුල් කනවා වෙනුවට, උසස් වර්ගයේ සුනඛ ආහාර පවා ලෝකයේ තියන බව දන්නවද..? කොහෙද ඉතින් සුනඛ ආහාර මිලත් ලංකාවේ සෑහෙන ගනන්නේ...
ඕවත් මගුල්ද ?අපේ සමහරු මගුල් කෑවේ සතයක් වියදම් නොකර
නාමල්, තව මගුලක් කරගන්නවා නම් ඔන්න බලාගන්න තරන විදිහ.
පුදුම වෙන්න එපා. ප්‍රංශය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරතම රටයි. නව යුවලට අපේ සුබපැතුම්..!
නාමල් බේබි ගමටම ලයිට් දාලා බිලත් අවුරුදු 5 ක් නොගෙවා ඉඳලා දවස් හතක මගුල් කෑවේ කොහොමද කියලා හෙව්වා නම් කල්ල මරේ
රිනාත්මක වාර්තාකරනය සාංප්‍රදාය කරගත් ලාංකීය ජනමාධ්‍ය මෙවන්නක් ගැන මීට වඩා කුමක් කියන්නද? රිනාත්මක ජනමාධ්‍යට හුරු ඌ ලාංකිකයන් මීට වඩා කොමෙන්ටුවක් ලෙස කුමක් ලියන්නද? මේක උබල දාන්නෙ නෑ කියල දැනගෙනම, මොකක්දෝ හදාගත්ත කේන්තියක් හිතේ තියාගෙන ඔන්න ඔහේ ලියල දැම්ම...
ඕවත් අපෙන් හොරා කාපුවා තමයි පොඩ්ඩක් ඉන්නකෝ... NPP ආණ්ඩුවක් යටතේ අපි හොරු අල්ලනවා...
ඕවා ගණන් ගන්න එපා. මගුලට සේවා සපයපු අය පොහොසත් වුණා. මගුලට ආපු අය හොඳට කාලා බීලා ගියා. තව ටිකදවසකින් කියාවි දෙන්න ඩිවෝස් වුණා කියලා. එහෙමයි ඔය කතන්දරේ ඉතිරි කොටස...
Max ගොයියො .. අනුරට ඊට වඩා වැඩ තියෙනවා. සේරටම කලින් මේ රට කාබාසීනියා කරපු හොරු ටික අල්ලලා ඉන්න වෙනවා.
රාජපක්ෂ අපේ සල්ලි හරියට වියදම් කරනවා
සල්ලි තියෙන අය ලොකුවට මගුල් ගන්නවා අපේ සාමාන්‍යය පවුල් වල අයත් බංකු ලොන් ගහලා හරි ලොක්වට ගන්නවා . ඒ ඒඅයගේ කැමැත්ත.එාවට අපි විවෙචන කරත් එ අය කියන්නෙ ජිවිතයටම ගන්නේ එකයි ඒක අපි ලොකුවට කරනවා කියලයි. අපේ සල්ලි නෙමෙයිනේ . අන් අයගේ දේවල් වලට ඉර්ෂ්‍ය නොකරමු. ඇත්තෝ කති බොති නැත්තෝ එවා දිහා බලාගෙන විවෙිචන කරයි , ඉර්ෂ්‍ය කරයි .
සාර්ථක විවාහ දිවියකට සුබපැතුම්...!
රට හරක් දෙන්නෙක්
මැක්ස්-ගොංකමට කියවන සත්තලං පුතා
අපේ රටේ මැතිඇමැති වරුන්ගේ දරුවන්ගේ මගුල් ගෙවල් කරන්නේ රටේබදු එකතු කරන මුදල් වලින්නේ... ඒ රටවල්වල වියදම් කරන්නේ දෙමාපියන්ගේ දේපළ... ඒකයි වෙනස...!
අපේ කාණු කටාත් පුතාගේ මගුල අරලියගහ මන්දිරේ තිබ්බා නේද?
කාගෙන්වත් හොරාකාලා, කොමිස් ගහලා උපයපු සල්ලි නෙමෙයිනේ. ඇයි මේ ලංකාවේ අයට මෙච්චර උණ?