(සුමිත් පොතුපිටිය)
විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පොකුණුවිට , වැලිකල පදිංචිව සිටී කේ.බී. කරුණාසේන නමැති 69 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
වැන් රථය කළුතර දෙස සිට හොරණ දෙසට ගමන්කර ඇති අතර , ගල්පාත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන ඇල මාර්ගයට ඇද වැටී ඇති බව පොලිසිය කීය.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හර්ෂ කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන සෙනවිරත්න (69058) සහ ලක්මාල් (72157) පරීක්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd