
(ඉන්දිකා රාමනායක )
දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.
මෙම සැරයන්වරයා රාත්රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී, බස් නැවතුමේ රැඳී සිටි ඉහත පුද්ගලයා ගෙන් සැකපිට ප්රශ්න කර පරීක්ෂාවට ලක් කර ඇත.
පොලිස් සැරයන් විසින් මගියා පරීක්ෂාවට ලක් කර පිටව ගිය පසු , සොයා බැලීමේදී මගියාගේ කමිස සාක්කුවෙ ඇති ඉහත මුදල සොරාගෙන ගොස් ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ බෞද්ධයින් ටික ආගම මාරු කළාම ඉස්සර තිබ්බ බෞද්ධ වචන යකුන් හඳුන්වන වචන විදියට වෙනස් කළා. ඉතින් ආණ්ඩුවටත් තියෙන්නේ පුනරුදේ කියන එකට තියෙන අර්ථ දැක්වීම ඒ විදියට වෙනස් කරන්න. අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ හිටියාටත් වඩා කෙලවිලා යන එක කියලා වෙනස් කරන්න...