
(යොහාන් භාසුර)
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බව ද එම සංස්ථාව සඳහන් කරයි.
එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් එම සංස්ථාව කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හයක් යනතුරුම විදුලිබිල අඩුකරන්න බැරිවුණාම කුප්පි ලාම්පුවේ පිහිට පතන්න කියලා ඉඟියකින් පෙන්නා තියෙනවා.
පුදුම හොඳක්...!
ජනවරමේ වගකීම සහ වගවීම ඉටුකර නැත. ඉන්ධන මිල කිව්ව විදිහට අඩුකරන්නේ නෑ.