
(අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරක සේවය කළ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඩී. ඒ. පී. අබේසේකර මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත 2025-11-13 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව, පුරප්පාඩු වී ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා, ව්‍යාපෘති කළමනා කරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. එස්. මුදලිගේ මහතා සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, දැනට පුරප්පාඩු වී ඇති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී එස්. එස්. මුදලිගේ මහතා පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
383
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් පත් කරයි