IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩාව බෝ කරමු

(අංජුල මහික වීරරත්න)

තරුණ ප්‍රජාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා  ක්‍රීඩාව විශාල දායකත්වය සපයන බැවින් ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදීය.කොළඹ නෙලුම් පොකුණ රංග ශාලාවේ දී මෙය පැවැත්විණි.

මෙහිදී ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවත්වනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහිත අභ්‍යාසලාභීන් සහ අනෙකුත් කෙටිකාලීන පාඨමාලා වල අභ්‍යාසලාභීහු 813 දෙනෙක්  සහතික පත්‍ර ලැබූහ.

 ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (NVQ LEVEL) 4, 5, 6 යන සුදුසුකම පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව උසස් පුහුණුකරු පාඨමාලාව (NVQ 6), ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5), ක්‍රීඩා පුහුණුකරු ඩිප්ලෝමා පාඨමාලාව (සති අන්ත), ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, ශාරීරික යෝග්‍යතා උපදේශක පාඨමාලාව (NVQ 4) හා ක්‍රීඩා අභ්‍යාසක සහතික පත්‍ර පාඨමාලාව (NVQ 4) සඳහා සහතික ප්‍රදානය කෙරිණි.



අදහස් (5)

බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩාව බෝ කරමු

සඳමාලි Wednesday, 22 October 2025 10:14 AM

පාසල් මට්ටමින් නම් ටියුෂන් පිස්සුව නවත්තන්න. විශේෂයෙන්ම ළමයින්ගෙ අම්මලාට තියෙන. එතකොට ළමයි ඉස්කෝලදි අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටත් යොමු වෙනවා. ඇමතිතුමාගේ මේ උත්සාහයට ප්‍රණාමය!

:       1       5

sene Wednesday, 22 October 2025 10:17 AM

ඇමතිතුමෝ , බෝ නොවෙන යනු පරම්පරාගත රෝග. ජාන හා සම්බන්ධයෙන් සැදෙන රෝගී තත්ව. ඒ තත්ව ක්‍රීඩා වලින් මැඩපවත්වන ක්‍රමවේදයක් ගෙනහා හැකිනම් නොබෙල් තෑග්ග අනිවාර්යෙන්ම ලබාගත හැකී. කටට එන ඕනම දෙයක් කියවීමේ පුරුද්ද අත්හරින්න .

:       7       2

වෛද්‍යරත්න එස් පෙරේරා Wednesday, 22 October 2025 01:24 PM

එහෙම කියන්න එපා. යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් ජානවලට බලපෑම් කරන්න පුළුවන්... අනාගත පරම්පරාවේ අයවත් නිරෝගී වෙයිනේ.

:       0       0

seneWednesday, 22 October 2025 03:19 PM

එස් පෙරේරා ඔබව එන නොබෙල් ත්‍යාගයට යෝජනා කරන්නම්...

:       0       0

මහරගම Wednesday, 22 October 2025 10:46 AM

ලංකාවේ නගර දියුණු කිරීමේදී මානව සම්පත් සංවර්දන ගැන කිසි තැකීමක් නැහැ , අපි ඉන්නේ කොළඹට කිට්ටු නගරයක් වෙන මහරගම , පොඩි කාලේ ළඟ ළඟ රජයට අයිති හිස් ඉඩන් ගොඩක් තිබ්බ තරුණ පිරිස් ක්‍රීඩා පිට්ටනි වලට හරවාගෙන තිබුණු , නමුත් ඒ හැම එකක් ම වගේ එ සෙල්ලම් කරකර හිටපු තරුන්යෝන්ව එලවල රජයේ වෙන වෙන ඉදිරිකිරීම් වලට අරගෙන , දැන් පොඩි ළමයෙක්ට වත් නිදහසේ සෙල්ලන් කරන්න තැනක් නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site