(ඩයනා උදයංගනී)
බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
එමෙන්ම දරුවන් දහම් පාසල් යැවීමත් අනිවාර්ය කළයුතු යැයි ද අගමැතිවරයා පවසයි.
අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවන බවත්, වෙනත් ආගමිකයින් නියමිත දිනයකදී පල්ලි ගියත් බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්ව ඇතැයි ද අගමැතිවරයා සඳහන් කරයි.
තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා නොගතහොත් සිදුවන්නේ විශාල විනාශයක් බව ද අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට අද(14) එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් ගියාම හරිද? එතකොට දවස් 365ම බණ අහන ජාතිය අන්තිමටම පිරිහිලා තියෙන එකට මොකද කියන්නේ..?
ඕං බලන්න දැන් නිරාගමිකයින්, ඇන්ජීඕකාරයින් මේ යෝජනාවට ගරහන්න පටන් ගන්න හැටි...
ඉදල ඉදල ඔය වගේ කතාවක් තමයි ඉතින් කියන්න දන්නේ...
අගමැතිතුමනි.... පන්සලේ ඉන්න හාමුදුරුවෝ ලෑන්ඩ් කෲසරයෙන් වැඩලා භවභෝග තනතුරු රැස්කරගෙන ඉවරවෙලා අපිට කියනවා සියල්ල අතහරින්න කියලා. ඉතින් මේක අපි ජීවිත කාලයක් පන්සල් ගිහින් අත්විඳිනවා. නමුත් අපේ ළමයි අහන ප්‍රශ්නවලට තමයි උත්තර නැත්තේ...
පන්සල් යන්න අවුලක් නැහැ.. හොරාකන එක තමයි වැඩේ..
අනේ මන්දා... අපි දැකලා තියෙන සමහර දේශපාලකයින් හැම වෙලේම පන්සල්වල... එ්ත් ඒ අය හොරකම් කිරීම, බොරු කීම කරනවනේ.....
පන්සල් යන එකේ අගය මේ මහත්තයා තරම් දන්නා කෙනෙක් මුළු ලෝකයේම නැතුව ඇති. අවුල තියෙන්නේ මොන කාරණාවක් ඉෂ්ඨ කර ගන්නද පන්සල් යන්නේ කියන එකයි.
ගොන් පාර්ට් තමයි.
බෞද්ධ රටක ගව ඝාතනය නතර කරන්න බැරිචෙච්ච එකේ ... බෞද්ධයින් පන්සල් යන එක අනිවාර්ය කරන්න හදනවා.
හාමුදුරුවෝ දේශපාලනය කරන නිසා මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා. ගම දෙකට බෙදිලා... මිනිස්සු පන්සල් ගේන්න කළින් හාමුදුරුවරුන්ව දේශපාලන වේදිකාවෙන් බස්සන්න අගමැතිතුමෝ...!!!
බුදු දහමේ අනිවාර්ය නීතියක් කොහේවත් නැත. කැමැති කෙනෙකුට පන්සල් එන්නත්.., අනෙක් අයට ගෙදර ඉන්නත් පුළුවනි.
දියවන්නාවේ ඉන්න කට්ටියත් ඔය දේවල් මීට කලින් පිළිපැද්දේ නැති එකෙන් රටට වෙලා තියෙන හරිය පේනවනේ...!!!
මට මතක් වෙනවා... ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තු කවියක්. "ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට. තමුන්ගේ අයම කරලා තියෙන හරිය ගැන අමුතුවෙන් නොකීවට ලෝකෙම දන්නවා.
ඔව් දැන් මට පේනවා, ජිම් පප්පලා මොනවටද ලෑස්ති වෙනවා. ඡන්දයක් අතළඟ වගේ...
අහවල් අක්කලාගේ පස්සේ දුවමින් තිරුපති වඳිමින් රතු නූල් ගැට ගසමින් වශී බෝල තදකරමින් මිථ්‍යාදෘෂ්ඨියේ ගැලී ඉඳිමින් රටේ මිනිස්සුන්ට පන්සල් යන්න අනිවාර්ය කරන ජාතියේ අප්පච්චි...
පවුකාරයින් ඉවත්වෙලා යන්න.
පාර්ලිමේන්තුවේ බෞද්ධයින්ට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි. ඔවුන්ගේ ආගම, දහමට එරෙහි බාර්, මත්ද්‍රව්‍ය වෙළඳාම, ව්‍යාපාර තහනම් කර මරණ දඬුවම දුන්නොත් රට හැදේවි..
එතකොට අපේ දේශීය දෙවිවරු කල්ලතෝනිද? අපේ දේ, අපේකම, දේශීය දෙවිවරු අපේ දේශීය දෙවිවරුන්ට රටේ මුල් තැන දෙනතුරු රටේ දියුණුවක් නැත.
මට මේවට කියන්න වචන එන්නේ නෑ. දැන් එ්කයි අඩුවෙලා තියෙන්නේ. රටම විනාශකර ආයේ පටන්ගත්තා මාර්කටින්.
බෞද්ධයකු යනු කවුරුන්ද යන්න නිර්වචනය කරන්නේ කෙසේද? ඔබ ශික්ෂා පද පහ පිළිපදිනවාද?
බුද්ධ ශාසනය පිළිබඳ මෙතුමාගේ වැටහීම බොහෝම දුර්වලයි. මුලින්ම මෙතුමා පන්සල් ගිහිල්ලා ඔය කියලා තියෙන්නේ විහිළු සහගත ප්‍රකාශයක් බව වටහා ගත්තොත් වටිනවා.
පිස්සුද නැත්නම් වයසේ වැරද්දද? ඒ කාලේ ඉඳලා පන්සල් ගියා නම් අද කී දෙනෙක් ජීවතුන් අතරද?
බෞද්ධයන් පන්සල් යාම අඩුවීමට ප්‍රධාන හේතුවක් තමයි කොතරම් සිල්වත් වූවත්, සැදැහැවත් වුවත් මුදල් නැති බෞද්ධයින්ට සමහර පන්සල්වල තැනක් නැහැ.
අගමැතිතුමා, බලයෙන් හෝ නීතියෙන් මිනිසුන් නිවන් මගට යොමු කරන්න බැහැ.
අපි නොගියට ඔයාල වගේ අය යන එක හොදයි
හැමදේටම කලින් දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න
ගව ඝාතනය නැවැත්තුවා වගේද සර්....?
එහෙම කොහොමද අනිවාර්ය කරන්නේ..? හොඳයි නොගියොත් දෙන දඬුවම කුමක්ද? අගමැතිතුමෝ, ගැලරිය පිනවන මෝඩ කතා කියන්න එපා. මම හොඳ බෞද්ධයෙක්... ඒ වුණාට මම නම් පන්සල පළාතේවත් යන්නේ නැහැ. ඔහොම ගියොත් කියාවි පෝයට සිල් නොගන්න අයට මරණ දඬුවම දෙනවා කියලා..
මේ පෙනෙන්නේ ආගමික වශයෙන් අපේ රටේ පිරිහීම නොවෙයිද... කියන කථාවෙන් නොකියන දේ හෙළිදරව් වෙනවා. අද බොහෝ පන්සල්වල ව්‍යාපාර කටයුතු සිදු කෙරෙනවා. ආගමට සැබෑ ලැදියාවක් ඇති හොඳ මිනිසුන් පන්සලෙන් නොව ස්වාමීන් වහන්සේලාගෙන් ඈත් වෙනවා. හිස මුඩුගා ගත් පමණින් සිවුරක් දා ගත්තු පමණින් ස්වාමින් වහන්ස කෙනෙක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට අයිති පාත්තරයයි. සිවුරයි විතරයි. නමුත් අද මේ අය කොතරම් සුඛෝපභෝගී ජීවිත ගෙවනවද? අත්හරිනවා වෙනුවට පුලුවන් තරම් එකතු කර ගන්නවා. බැංකු පොත්වල ගිණුම් අරන් බලන්න... කෝ්ටි ප්‍රකෝටිපතියෝ. මේක පටන් ගන්න ඕන අපේ පාසල් පන්ති පොතෙන්. නැවතත් අපාය පෙන්නන්න වෙනවා. අපේ ගමේ එක පන්සලක් හරියට ගරාජයක් වගේ. හාමුදුරුවො වාහන ගේනවා. අලුත්වැඩියා කරනවා. වැඩි ගාණට විකුණනවා. ධර්ම ශාලාව ටියුෂන් පන්තිවලට බද්ධට දෙනවා. මේවා තමයි අද පන්සල් වලින් කරන ශාසනික සේවය. මම කියන්නම් ඕන තරම්. කොසොල් රජු දුටු සිහින දහසය සැබෑ වන කාලය තමයි මේ...
ඒකනම් හොඳයි.. එසේම කැලණිය පැත්තේ ඉන්න රාජ්‍ය ඇමැතිවරුන් පස්වරු 2 සිට මත්වතුර පානය කරන එකත් නතර කළොත් හොඳයි.
මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ආගමිකයින් ආගමට ලැදිව ක්‍රියා කරන ආකාරය දුටුවාම බෞද්ධයින් තමන් ගැනම ලැජ්ජා වෙන්න ඕනේ... අසාද් සාලි වැන්නවුන් ඔවැනි කතා කියන්නේ බෞද්ධයින්ව තේරුම් අරගෙන තිබෙන නිසා.
බෞද්ධයින් පන්සල් නොයාමට එක හේතුවක් වී තිබෙන්නේ පන්සල් වල සිටින භික්ෂූන්ය. භික්ෂූන් එවැනි තත්වයකට පත්වීමට හේතුව හැම දේකටම භික්ෂූන් සම්බන්ධ කරගන්න කපටි දේශපාලුවන්ය. එමනිසා බෞද්ධයින් පන්සල් නොයාමට එක හේතුවක් වන්නේ කපටි දේශපාලුවන්ය...
අභයාරාමයටද?
ඉහළ ඉඳන් හැදෙන්න ඕනෑ. "රජුන් අදමිටවත්, වෙති මැතිඳෝද එපවත්, දැක උන්ගේ පවත්, බමුණු ගහපතියෝද එගනිත්" කිව්වෙ කට කහනවට නෙවෙයිනේ...
දැන් කොහේද ඔය කියන බෞද්ධයින් ඉන්නේ... ලංකාවේ නම් තාම මම බෞද්ධයින් දැකලා නැහැ.
නිවහල් මනසකින් තම ජීවිත ජය ගැනීමට බුදුන් වහන්සේ දෙසු දහමේ තිබූ වැදගත්ම දෙය නම් නිදහසයි.
තමන්ගේ සිතට එකඟ නම් පමණක් මගේ දහම් කරුණු පිළිපදින ලෙස බුදුරදුන් වදාළහ. එවන් නිදහස් දහමක් තවත් ගිහියකු විසින් අනිවාර්ය කරන්නේ කෙසේද? බුදුදහම නිදහස් මනසකට අවකාශ ලබාදී ඇති ලෝකයේ පවතින එකම දහමයි.
මෙතුමා තරම් නැතිබැරි වෙලාවට පන්සල් වලට යන එකේ ප්‍රයෝජන දන්නා කෙනෙක් නැතුව ඇති...
බුදුරජාණන් වහන්සේවත් අනිවාර්ය නොකළ දෙයක්... මෙයා අනිවාර්ය කරන්නේ කොහොමද?
ගරු අගමැතිතුමනි, අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙව් ඒ් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වී නැහැ..!!!