IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

(රංජන් කස්තුරි)

එතනෝල්  නිෂ්පාදනය  සදහා  ඉතා  විශාල  ලෙස  බඩඉරිගු තොග යොදා ගන්නා  බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

එතනෝල් නිෂ්පාදනය සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 50කට අධික ප්‍රමාණයක් යොදා ගන්නා හෙයින් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඉතා හිඟව තිබෙන බවද   සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු අවශ්‍යතාවය වසරකට මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක්  වන නමුත් මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික්ටොන් තුනකට වඩා අඩු ප්‍රමාණයක් බවද ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීමට සිදුව ඇතැයිද අල්ලස් මහතා සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට නම් එම කර්මාන්තවලට අවශ්‍ය තරම් බඩඉරිගු ලබාදීමට වැඩපිළිවෙළක් රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු  එම සමාගම් වලට ආනයනය කිරීමටදීම  හෝ වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළහොත් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

කුකුළු කර්මාන්තය නඟා සිටුවීමට නම් අවශ්‍ය තරම්  බඩ ඉරිඟු තොග ලබාදීමට හෝ ආනයනය කිරීමේ වැඩපිළිවෙලක් නව රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බඩ ඉරිගු නොමැතිකම කුකුළු මස්  කර්මාන්තයට මරු පහරක් එල්ල කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

බලධා රීන් වහා මැදිහත් වී මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් සකසා  දිය යුතු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (3)

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

Gamini Thursday, 14 November 2024 02:41 PM

පුදන කොටම කාපි යකා. තව ටිකක් ඉවසලා හිටපල්ලකෝ හොඳේ...

:       4       1

බොන පියා Thursday, 14 November 2024 05:17 PM

ඇඩෝව්...!

:       0       2

l.p hiripitiya Thursday, 14 November 2024 05:28 PM

දැන් කුකුළන්ටත් ලෙඩලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 937 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site