
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ .
ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා " රන් මාවත " ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය.
මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති .
බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොරෙක් පැන ගත්තා...
මෙන්න හොරු පනිනවා
හොරා කාපු පට්ට හොරු මාරු වෙනවා එක එක.....
එන්පිපි දිනන බව දන්න නිසා කලින්ම ගියා..... සජිත්ට තමයි තියෙන්නේ.... කියටවත් යන්නේ නෑ ඕක බලලා හරි පුළුවන් නම් තේරුම් ගන්න කොයි පැත්තට ද ඡන්දේ දෙන්න ඕනෑ කියලා
පැන්නට කමක් නැහැ නඩු වලට මාංචු දාගෙනම අරන් එන්න….
අලුත් ආණ්ඩුවේ දූෂණ විමර්ශන සහ නඩු කටයුතු වලට අවශ්‍යම කෙනෙක්…..
හරි නේ... දැන් බැසිල් ආපසු එන්නේ නෑ. බැසිල් ගියා කියන්නේ රනිල් සජිත් නාමල් පරාදයි කියලා
මේ පාර කපුටා කලින්ම පැන්නා වරෙන්තුවක් යවලා අල්ලන් එන්න නඩු අහනකොට... ඇතුළට යන්නම ඕනේ කෙනෙක්...!
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු...!
අනේ කපුටෝ මෙදා පාරවත් ඔහෙටම වෙලා ඉන්න. ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා...
දේශප්‍රේමී කියලා ව්‍යවස්ථා වෙනස් කරලා විදේශ කුමන්ත්‍රණය කරේ තියං ගිය අයට ඕක කලින් වෙන බව නොතේරෙන බාබාලාද..!
ඉතින් මොකද?
මම ඊයේ හිතුවා මේ මිනිහා තවම ගියේ නැහැ නේද කියලා..? අද මේ නිවුස් එක දැක්කාම මොවුන් ගැන අපි හිතන හැටි හරි බව පේනවා. යන්න පුළුවන් අය යයි... පව් බැසිල් ගැන දැනට අරයා ළඟට ලැගපු අය කියපු කතා, බැසිල්ගේ සංවිධාන ශක්තිය, මගේ අම්මෝ, කබ්බෝ ෆෝම් කරලා කෙළවා ගත්තු රටවල් අතර අපි ඉහළින්ම ඉන්නවා...
මේ පාර නම් අනිතිම පාරට ඔය යන්නේ ආයෙත් එන්නේ නැහැ ඒක විශ්වාසයි. මොන තරම් පාඩූවක්ද රටට. ජාතියේ අවාසනාව
ආයේ එන්න ලැහැස්ති වෙන්න චුදිතයෙක් ලෙස !
එයාගේ ගෙදර සුවිසල් ගොඩනැගිල්ල හෝටල් එක තිබෙන්නේ කා අදත් එන්න එම නිසා මෙවින් සිල්වා මහත්තයාගෙන් අහන්න
පේනවනේ කවුද දිනන්න යන්නේ කියල. අලි මන්තරය දිනන්නේ නැහැ, එච්චරයි මන් කියන්නේ.
වාසියක් එනකොට රටට ගොඩබහින්න... අවාසියකදී රටින් පනින නියම ඇමෙරිකානු ලාංකික පුරවැසියා.
රාජපක්ෂ හොර නඩයේ පලායාම නැවතත් ඇරඹේ…
එමිරේට්ස් ප්ලේන් එකේ කපුටොත් ගෙනියනවාද?
ඇමරිකාවත් එක්ක කතා කරගෙන ගොඩක් රටවල් හොරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවා.
කොටි සමඟ යුද්ධ කරන කාලේ මෙතුමා සේවයක් කළා. යුද්ධය නවත්වන්න කියලා සරම කරට අරන් ආපු විදේශ බලවේගල සරම පහළට දාලා නැවත යවන්න සාකච්ඡා කළේ මෙතුමා . නමුත් දැන් වෙනස්. ඇමරිකාව තමා ජීවත්වන රට කරගත්තා නම් එහෙටම වෙලා ඉන්න එක තමයි වඩා හොඳ.
ඔය යකා හැමදාම කලේ ඕක තමයි... මුන්ට ලංකාවට එන එක තහනම් කරන්න ඕනෑ
සුපර් මාකට් වල රාක්ක පුරවලා සහ හයිවේ වල ටිකට් කඩලා ගුවන් යානාවල පලමු පංතියේ ගමන් යන්න පුළුවන්ද?
සුබ ලකුණක් . හොරැ රට හැරයනවා . අපට ජිවිතයේ අවසන් කාලය හරි මව්බිමේ ඉන්න අවස්ථාව ලැබෙන පාටයි.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..
කපුටා ජරාවම කන සතෙකි.
කලින් ම බයට ගියාට හොරා කාපුවා ගන්න ආපහු ගෙන්නනවා මාලිමා ආන්ඩුවක් යටතේ
බයේ ගියා කියල බලුකතා එහෙම කියන්නෙ නෑ හරිද?
රටම කාලා දැන් මාරුවෙනවා ඩුබායි වලට... අනුර ආවේ නැත්නම් ආයෙත් හැරිලා එනවා ලංකාවට
හොරා කාපු මහජන මුදල් පොදි ගහගෙන මොළහතා පැනලා ගිහින්...
මේකෙ මාතෘකාව කපුටා රටින් පනී කියලා දැම්මා නම් හරි..!
පල් හොරු... පැනලා දුවන්න.... නිරූපමා රාජපක්ෂ සහ එයාගේ සැමියා ඊයේ පැනලා ගියා මුන් ටික ටික පැනලා දුවනවා මාලිමාවට බයේ
බැසිල් ගියාට නාමල් තවම ලංකාවේ ඉන්නවනේ. එයා හෙට රෑට මං හිතන්නේ යන්නේ. අර ඇමතිලා සෙට් එකත් දැන් සුදානම් ඇති රටින් පනින්න.
යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක්
ඔය තමා මාලිමාවේ පළමු වෙනි ඡන්ද ප්‍රතිඵලය.
ඉරිදා හවස් වෙනකන් මෙයා ඩුබායි ඉන්නේ. නාමල් හෝ සජිත් දින්නොත් ඉරිදා රෑට නැවත ලංකාවේ. අනුර දින්නොත් කෙළින්ම ඇමෙරිකා...
මහ හොරාට දැන් එලොව ගියානම් හොදයි කියලා හිතෙනවා ඇති.
කපුටි කලින්ම පැනලා වගේ….
කපුටා බොහෝම සංවේදී සතෙක්. තව දවස් දෙකකින් හුළං හමන දිශාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන බව ඉව වැටිලා. මේ ලබන යුගය කොහෙත්ම තමන් ඇතුළු ජරාව කන සතුන්ගේ ශරීර සුබදායක නොවන බව ඒ සතා දන්නවා. මෙහෙ හිටියොත් අනිවාර්යයෙන්ම කූඩුවට යන්න වෙනබව දන්නා නිසා රටෙන් පැන්නා. මාන්චුදාලා ලංකාවට ගෙනෙන්නත් බැරි නැහැ. මට ආරංචි හැටියට ධම්මික පෙරේරාගෙන් ඡන්දෙට ටිකට් එක දෙනවා කියන පොරොන්දුව පිට, පෝස්ටර් ප්‍රින්ට් කරන්න ගත්තු රුපියල් මිලියන 100 ටත් කෙලලාලු... # මාලිමාවට ඡන්ද කෝටියක් #
මහින්දට ගෝරි ගොඩයි. කොල්ලෝ ටික, රත්තරං අම්මන්ඩි, ඩඩ්ලියා ඇරෙන්න ඉතුරු සහෝදරයෝ ඔක්කොටෝම බරපතල වැඩ ඇතිව අච්චු ලැබෙනකොට… ස්වභාව ධර්මයා නඩු ටික අහන්න ළඟයි.
එතකොට රනිල්? එයා කොහේද?
මෙයා හැමදාම කරන්නේ ලංකාවට ඇවිල්ලා මිනිසුන් රවට්ටලා, සල්ලි ටික හොරා කාලා ඇමරිකාවට මාරුවෙන එක තමයි...
මෙයා ඡන්දේ දාන්නෙවත් නැතුව යන්නේ දන්නවා සජිත් ආවාම නීතිය ඉදිරියට දක්කනවා කියලා...
සරත්, මාලිමාව පරාජයට පත්වීම ස්තිරයි. ස්ටේජ් උඩ කෑගහන අය කොහොමද රටක් පාලනය කරන්නේ? පාර්ලිමේන්තු ආව දවසේ ඉඳලාම කලේ එක එකාට බනින එකයි. ඒ හැර බස්6 හෝල්ට් එකක්වත් හදලා නෑ. එහෙව් මිනිස්සුන්ට රට දුන්නොත් සිම්බාබ්වේ එකක් වෙයි.!. සරත් මහත්තයා, ජවිපෙ පාලනය යටතේ තිබෙන අකුරැස්ස සමූපකාරය ගැන යූ ටියුබ් එකේ බලලා ඉන්න...!
දැන් අල්ලයි...!
බලයේ හිටපු කාලේ ආර්තික සංවර්ධන ඇමැතියා. තමුන්ගේ ආර්තිකය මහාපරිමාණයෙන් සන්වර්දනය කරගත්තු, මොළහතා ආර්ථික ඝාතකයෙක් කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙලා ඉන්නේ? සදහටම හිරගෙදර ඉන්න ඕන කෙනෙක්? අධිකරණයෙන් වරදකරු වූ ආර්ථික ඝාතක මොළහතා රටින් හොරෙන්ම පනී...
මේ හොරාකාපුවාට ගෙවපු ඩොලර් 206 යත් ලංකාවෙන් හොරාකාපු සල්ලි කාලකන්නියා යකෝ ලැජ්ජ නැද්ද පැනලා යන්න
ඔහොම හිටපං පුතා......, රිටර්න් ටිකට්එක ආන්ඩුවෙන්....!